විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන “සක්වල” තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ 44 වැනි සුහුරු පන්ති කාමරය මැදිරිගිරිය ලංකාපුර මහා විද්‍යාලයට පරිත්‍යාග කිරීම ඊයේ (05) සිදුකෙරිණි.
ඒ, සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ රජයේ රෝහල් 56 කට රුපියල් 171,966,900 ක් වටිනා රෝහල් උපකරණ ලබා දී ඇත. සක්වල බස් රථ වැඩසටහන යටතේ රජයේ පාසල් 80ක් සදහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබාදී ඇති අතර ඒ සදහා රු :389,200,000 ක් වැයකර තිබේ. එසේම සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහන යටතේ රජයේ පාසල් 44ක් සදහා රුපියල් ලක්ෂ 404ක වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇත.
RN