*
Wednesday, October 30, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික අභිවෘද්ධිය සඳහා ජපන් රජයේ සහයෝගය ඉදිරියටත්

සටහන – නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW):
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික අභිවෘද්ධිය සඳහා ජපන් රජයේ සහයෝගය හිමිවන බව මෙරට ජපන් තානාපති මිසුකිෂි හිදෙආකි ((H.E. MIZUKOSHI Hideaki) මහතා පවසයි.

විවිධ අභියෝග පැවැතියත් අතීතයේ සිටම ශ්‍රී ලංකාව හා ජපානය අතර නොබිදෙන මිතුදමක් පවතින බව තානාපතිවරයා කීවේය.

ජපන් රජයේ ආධාර මත පේරාදෙණිය විශ්ව විද්‍යාලීය දන්ත රෝහල (ශික්ෂණ) සහ දන්ත වෛද්‍ය පීඨ සංකීර්ණය ඉදිකොට වසර විසිපහක් සම්පූර්ණවීම නිමිත්තෙන් සංවත්සර සැමරුම් උත්සවය තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (09) පස්වරුවේ පැවැති අතර එහිදී අදහස් දැක්වූ ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙරට ජපන් තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සහ ජපාන සහයෝගීතා ජාත්‍යන්තර ආයතනයේ නියෝජිත යමඩා ටෙට්සුයා (Mr. Yamada Tetsuya) මහතාගේ සහභාගීත්වයෙන් වර්ෂ පූර්ණ සැමරුම් උත්සවය ආරම්භ විය.

ශ්‍රී ලංකාව නිදහස ලබා ගත වූ මෙම කාලය තුළ ජපාන රජය සමඟ 70 වසරක අඛණ්ඩ සබඳතාවක් පැවැති බව කී තානාපතිවරයා ඉදිරියටත් එම සබඳතා ආරක්ෂාවන බව කීවේය. වසර විසි පහකට පෙර මෙරට දන්ත රෝහල ඉදිකිරීම සඳහා උපකාර කළ අයුරින් ඉදිරියේදී ද මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට උපකාර කරන බව ඒ මහතා කීහ.

සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයට උපකාර කරන බවත් මෙරට සිසුන් රැසක් ජපානයේ උසස් අධ්‍යාපය හදාරන බවත් හෙතෙම කීවේය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී.ළමාවංශ මහතා අදහස් දක්වමින්, පේරාදෙණීය විශ්ව විද්‍යාලය තුළ ජපන් භාෂාව ඉගැන්වීමේ වැඩසටහනක් ඉදිරියේදී දියත් කරන බව කීවේය. උසස් අධ්‍යාපනය, පර්යේෂණ හා රැකියා ලබා ගැනීම වැනි අවස්ථා සඳහා ජපන් භාෂාව ඉතාමත්ම වැදගත් යැයි ද ඒ මහතා කීවේය.

දන්ත වෛද්‍ය පීඨය මෙරට ප්‍රධානතම දන්ත වෛද්‍යවරුන් බිහි කරන ස්ථානය බවට පත් කිරීම සඳහා ජපන් රජය ලබා දුන් දායකත්වයට කෘතවේදී වන බව ද උපකුලපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජපන් රජයේ දායකත්වය මත දන්ත රෝහල (ශික්ෂණ) සහ දන්ත වෛද්‍ය පීඨ සංකීර්ණය ඉදිකිරීමට ලබා දුන් දායකත්වය සිහිපත් කරමින් සමරු තිළිණයක් උපකුලපතිවරයා විසින් ජපන් තානාපතිවරයා වෙත පිළිගැන්වීම ද එම අවස්ථාවේ සිදුවිය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආනන්ද ජයලාල්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක, දන්ත වෛද්‍ය පීඨ පීඨාධිපති මහාචාර්ය මංජුල ආටිගල යන මහත්වරුන් ද එම පීඨයේ ආචාර්යවරුන් ඇතුලු අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩලය, දන්ත වෛද්‍ය රෝහල් කාර්යය මණ්ඩලය හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙම අවස්ථාවට එක්ව සිටියෝය.



Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan