අපරාධකරුවෙක් වන දෙමටගොඩ රුවන්ගේ නිවසට බෝම්බ ප්‍රහාරයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වනවිට බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන දෙමටගොඩ රුවන් නැමැත්තාගේ නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ලකර ඇති බව වාර්තා වේ.

අද උදෑසනදී , දෙමටගොඩ වේළුවන පාර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවයි පොලීසිය පැවසුවේ.

එම නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර 3ක් එල්ලවී ඇති අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවත් , එක් පෙට්‍රල් බෝම්බයක් නිවස තුළට වැටී ඇති අතර තවත් පෙට්‍රල් බෝම්බ දෙකක් නිවසේ ගේට්ටුවට වැදී ඇති බව පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දෙමටගොඩ පොලීසිය මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...