ක්‍රිකට් වෙනුවෙන් ඇමති රොෂාන් කළ දේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉකුත්දා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා පත්කරනු ලැබූ අතුරු පාලන කමිටුවේ කටයුතු අත්හිටුවමින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝග ඉවත් කරන ලෙස ඉල්ලා, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණය හමුවේ විරෝධතා ගොනුකර ඇති බව වාර්තා වේ.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් , නීතීඥ ජී.ජී.අරුල්ප්‍රගාසම් මහතා මාර්ගයෙන් මෙම විරෝධතා ඉදිරිපත් කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් ගොනුකරනු ලැබූ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණ අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ කටයුතු සහ ඊට අදාළ ගැසට් නිවේදනය අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් ඉකුත්දා අතුරු තහනම් නියෝග නිකුත් කළේය.

එබැවින් එම අතුරු තහනම් නියෝග ඉවත් කරන ලෙස ඉල්ලා, ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මෙම මෝසම ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...