කසිප්පු ගැන IMF එක දන්නෙ නෑ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාර්ලිමේන්තුවේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී, ජනතාව සුරා බද්ද වැඩි කිරීම නිසා නීත්‍යනුකූල මත්පැන් භාවිතය අඩු කර කසිප්පු භාවිත කිරීම ඉහළ යාම පිලිබඳ සාකච්ඡා කර ඇති අතර, එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුවත් කර සුරා බද්ද අඩුකර ගැනීමට අවධානය යොමු කර ඇති බවයි.

නමුත්, කසිප්පු භාවිතය ඉහළ ​ගොස් ඇති බව තමන්ද පිළිගන්නා නමුත්, මේ පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දුන්නද ඒ අය කසිප්පු ගැන නොදන්නා බවයි.

‘මත්පැන් භාවිතය අඩුවීම සිදුව ඇත්තේ මත්පැන් මිල ඉහළ යාම නිසයි. මේ සඳහා විකල්ප දෙකක් තියෙනවා. සුරා බද්ද අඩු කිරීම හෝ ගල් අරක්කු බෝතලයක මිල අයවැයෙන් අඩු කිරීම. නැතිනම් ජනතාව කසිප්පු බීලා මැරෙයි. රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරමින් ප්‍රකාශ කර තිබේ.


මෙහිදී ජනාධිපතිවරයාද ප්‍රකාශකර ඇත්තේ කසිප්පු භාවිතය ඉහළ ​ගොස් ඇති බව තමන්ද පිළිගන්නා බවයි. ‘‘මේ ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දුන්නා. ඒ අය කසිප්පු ගැන දන්නේ නැහැ. සුරා බදු වැඩි කිරීමෙන් මත්පැන් භාවිතය අවම කිරීම ගැන තමයි අරමුදල කතා කරන්නේ. ලබන සාකච්ඡා වටයේදී දත්ත සහිතව කතා කරලා සහනයක් ගමු ’’ ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...