ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් විවෘත කරන්න – ඉරාන්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2024 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ අය – වැයට වඩා හොඳ යෝජනා විපක්ෂයට තිබේ නම් ඒවා ඉදිරිපත් කරන ලෙසට ජනාධිපතිවරයා කළ ආරාධනාව පිළිගෙන අය – වැයට නව යෝජනා ඉදිරිපත් කරන බව, සමඟි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා කියා සිටී.

ඔහු මෙහිදී කියා සිටියේ,

”අය-වැය 2024 ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යතුමා අපිව ඩිස්නිලන්තයේ විනෝද චාරිකවක රැගෙන ගියා. පොරොන්දු දේශපාලනයෙන් රට බංකොලොත් කළා යනුවෙන් වූ ජනපතිතුමන්ගේ කතාවේ සත්‍යතාවක් තිබෙනවා.පෞද්ගලික අංශයේ අයට කිසිදු දෙයක් මෙවර අය – වැයෙන් ලැබුණේ නැහැ. බදු ප්‍රතිපත්තිය විවිධ වෙනස්කම් නොමැතිව පැවැතිය යුතුයි.

ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි ලෙස කළ යුතුයි. නීතිය ක්‍රියාත්මක කළ හැකි නම් ආර්ථිකය හැදිය හැකියි. අල්ලස් ගත් ඒවාට අධිකරණ තීරණ දීලා තිබෙනවා. ඒ අයත් පාර්ලිමේන්තුවේ වාඩි වෙලා ඉන්නවා. විශ්වවිද්‍යාල ගැන මෙහිදී කතා කරලා තිබෙනවා. අය – වැය යෝජනාවන් හොඳයි. අය – වැය කාර්යාලයක් තිබිය යුතුයි. එවැනි දේවලට අපිත් අත් දෙකම උස්සලා සහාය දෙනවා. මේ කාර්යාල ස්වාධීනව ක්‍රියාත්මක විය යුතුයි. ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් විවෘත කරන්න කියලා මම යෝජනා කරනවා.

අලුත් වාහන ගෙන ඒම ගැන මම හොයලා බැලුවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන්ට පර්මිට් එකක්වත් දීලා නැහැ. ආරක්ෂක අමාත්‍යාංශයට පසුගිය අය-වැයෙන් සියයට 7ක් වෙන් කළා. මෙවර එය අඩු වෙලා තිබෙනවා. සෑම පුරවැසියන් සියයකටම වැඩිම සොල්දාදුවන් සිටින රටවල් 10 අතර ලංකාවත් තිබෙනවා. ඔවුන්ට අලුත් අනාගතයක් නිර්මාණය කිරීමට හොඳ අධ්‍යාපන පුහුණුවීම් ලබා දෙන්න කියලා අපි යෝජනා කරනවා. නීති විරෝධී වෙළෙඳ ප්‍රවාහයක් තිබෙනවා. අපනයනය වැඩි කිරීමට හොඳ යෝජනාවක් ගෙනැවිත් තිබෙනවා” යැයිද මන්ත්‍රී වරයා පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...