බාල ඉන්ධන වෙළෙඳපොළේ.ඇමති උත්තර නොදෙන්නේ ඇයි? විපක්ෂය ප්‍රශ්න කරයි!

Date:

කොළඹ LNW:පරීක්ෂණාගාර වාර්තා රැසකින් තත්ත්වයෙන් අසමත් බාල තෙල් බවට තහවුරු වූ ඉන්ධන තොගයක් සම්බන්ධයෙන් තමා පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී අනාවරණය කළත් එම තෙල් මේ වන විට වෙළෙඳපොළට නිකුත් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (16) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

ඇමතිවරයා කුමන දේ කිව්වත් එය සිදුව ඇති බැවින් මේ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ඉදිරිපත් කරන ලෙසයි විපක්ෂ නායකයා අවධාරණය කළේ.

මෙම බාල ඉන්ධන හොද ඉන්ධන සමඟ මිශ්‍ර කර වෙළෙඳපොළට නිකුත් කර ඇති බවට වාර්තා වන බවත් මෙහි දී දූෂණ ක්‍රියාවක් සිදුව ඇති බැවින් විෂය භාර අමාත්‍යවරයා මෙය පැහැදිලි කළ යුතු බවත් ඔහු පැවසුවේය.

එසේම තමා මේ බව මීට පෙර පාර්ලිමේන්තුවට අනාවරණය කරන විට පුවත්පතකින් උපුටාගෙන එය අනාවරණය කරන බවට චෝදනා කළද තමා එම තොරතුරු ඉදිරිපත් කරන ලද්දේ අදාළ නිලධාරීන් තහවුරු කරන ලද තොරතුරු මත බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...

වෙඩි තැබීමක් : එක් අයෙක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) රාත්‍රි‍...

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...