කල්ලියකට මුදල් උපයන්න ක්‍රිකට් ක්‍රීඩාව තුට්ටු දෙකට ජාත්‍යන්තරයට විකුණලා – සජිත්

Date:

කොළඹ LNW:එක කල්ලියකට මුදල් ඉපැයීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තුට්ටු දෙකට ජාත්‍යන්තරයට විකුණා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (18) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයාට අගෝස්තු 28 වැනිදා ලිපියක් යොමුකර තිබෙන බවත් රජයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වල අභියෝග කරුණු 5 ක් යටතේ සඳහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත මෙම ලිපිය යොමු කර තිබෙන බවත් විපක්ෂ නායකයාසඳහන් කළේය.

ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල්වලරයා ඇගිලි ගැසීම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ වැටුප් පිළිබඳ විස්තරයක් ක්‍රිඩා අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලීම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසර නැතුව ලංකා ප්‍රිමිය ලීග් තරගාවලිය ක්‍රියාත්මක කරන්න හැකියාව තිබීම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ව්‍යවස්ථාවක් ගොනු කර ඊට ක්‍රිඩා ඇමැතිවරයා මැදිහත්වීම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විගණන වාර්තාව එළි දැක්වීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අගතියක් සිදු වූ බව යන කරුණු 5 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත යොමු කළ ලිපියේ සඳහන් වන බවයි සජිත් ප්‍රේමදාස මහතා කියාසිටියේ.

එමෙන්ම ක්‍රීඩා ඇමැතිවරයා ජාතික ක්‍රීඩා අරමුදලට සියයට 20 ක පරිත්‍යාගයක් කරන්නැයි කියා ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රිකට් ආයතනයට බලපෑම් කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත යොමු කළ ලිපියේ අමතර කරුණක් ලෙස දක්වා ඇති බවත් විපක්ෂ නායකවරයා කීය.

එක් කල්ලියකට මුදල් ඉපැයීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තුට්ටු දෙකට ජාත්‍යන්තරයට විකුණා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ගෙන ආ බවත් හෙතෙම සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකෙත් එක්ක කැරම් ගහන්න ශ්‍රී ලංකාව මාලේ වෙත

නිශ්මං රණසිංහ දෙසැම්බර් 02, කොළඹ LNW: ලෝක කැරම් සූරතාවය හත්වන...

තවත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රිකුණාමලය, චීනවරාය පොලිස් වසමේ 05 කණුව...

අද (02) දවසේ වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 02) දිනයේදී උතුරු සහ...