ශෙන් යික්න් සහ ජනපති රනිල් අතර හමුවක් !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): චීන ජනපති විශේෂ නියෝජිත ශෙන් යික්න් මහත්මිය ඇතුළු පිරිස සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (20) පැවැත්වීමට නියමිතයි.

ඉකුත් දා ඇය දිවයිනට පැමිණි අතර, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ද ඔවුන් සාකච්ඡා කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය. එහිදී ආර්ථික, දේශපාලනික ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවද සඳහන් වේ.

තවද, අද පස්වරුවේ මේ නියෝජිත පිරිස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවීමට ද සැලසුම් කර ඇති අතර , චීන ජනපති විශේෂ නියෝජිත ශෙන් යික්න් මහත්මිය ඇතුළු පිරිස දිවයිනට පැමිණියේ පෙරේදා (18) දින දීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...