මෙරට වසරකට 10,000 -12,000 ක් අනතුරු වලින් මිය යෑම සැලකිය යුතු කරුණක් – සෞඛ්‍ය අමාත්‍ය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මිලියන 1 ක් නේවාසික රෝගී ප්‍රතිකාර ලබාගැනීම සහ දිනකට මරණ 35 කට ආසන්න ප්‍රමාණයක් සිදුවීම සහ මෙරට වසරකට 10,000 -12,000 ක් පමණ අනතුරු හේතුවෙන් මියයාම පිළිබඳ දැඩි ලෙස අවධානය යොමු කළ යුතු කරුණක් බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

අද (20) දින “අනතුරු වැලැක්වීම පිළිබද ජාත්‍යන්තර සමුළුව – 2023 (ICIPSL’23) ” සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

එම අවස්ථාවට එක් වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ “සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අංශය සංවිධානය කළ මෙම අනතුරු නිවාරණය පිළිබඳ පළමු ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලාංකීය ජනතාවට ඉතා කාලෝචිත සහ වැදගත් විෂයක් බවයි.

එමෙන්ම මෙම සමුළුවට සහභාගිව සිටින බොහෝ පර්යේෂකයන් සහ මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ශ්‍රී ලාංකීය වෛද්‍ය ප්‍රජාව සමඟ ඔවුන්ගේ දැනුම බෙදා ගැනීමට මෙහි පැමිණ ඇති බවත්, මෙමගින් මෙරට සෞඛ්‍ය දර්ශක තවත් ඉහළ මට්ටමකට ගෙනයාමට හැකි වනු ඇති බවද අමාත්‍යවරයා කියා සිටියේය.

අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ, මෙරට අනතුරු වැළැක්වීමේ අංශය ශක්තිමත් කිරීම මෙන්ම සෞඛ්‍ය පද්ධතිය තුළ අප විසින් ඇති කරන ප්‍රතිකාර ක්‍රම ශක්තිමත් කිරීම අප ඉදිරියට යා යුතු බහුවිධ ප්‍රවේශයක් වන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරිය සහ ජනපති අතර හමුවක්!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

මාලිමාවට තවත් ජයග්‍රහණ තුනක්!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : අද (16)...

චීන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක්!

කොළඹ LNW:විවිධ අභියෝග මධ්‍යයේ චීන ආර්ථිකය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම්...

ඓතිහාසික සභාවක් ලෙස සභාවම එකතුවෙලා නගරය ගොඩනගමු – කොළඹ නව පුරපතිනි

කොළඹ LNW:පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මන්ත්‍රීවරු 117දෙනාම එකතු වී...