වලව කලාපයේ ගොවීන්ට සුබ ආරංචියක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW) : හෙට (26) සිට යල කන්නයේදී වැඩිම වගා හානි වන්දි වාර්තා වූ වලව කලාපයේ ගොවීන්ට වන්දි මුදල් ප්‍රදානය අරඹන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, වලව – මහවැලි කලාපයේ වගා හානි සිදු වූ ගොවීන් 1030 දෙනකුට සංකේතාත්මකව වන්දි මුදල් ප්‍රදානය ඇඹිලිපිටිය ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ ශාලාවේදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත අතර, වලව කලාපයේ වගා හානි වන්දි සඳහා රුපියල් මිලියන 328ක් වෙන් කර ඇති අතර කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් මෙම මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට කටයුතු යොදා ඇත.

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ,
වලව කලාපයට අයත් මුරවැසිහේන, මයුරපුර, කිරිඉබ්බන්වැව, චන්ද්‍රිකා වැව සහ අඟුණකොළපැලැස්ස ගොවි ජනතාවට මෙහිදී වන්දි මුදල් පිරිනැමෙන අතර, හෙක්ටයාරයකට රුපියල් ලක්ෂය බැගින් වන්දි දෙන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...