නොදියුණු සමාජයන් තුළ දිවි ඔසු නැත්නම් දිව්‍ය ඖෂධ යනුවෙන් ශාකමය ඖෂධ විශේෂයක් පවතී.. ඇත්තෙන්ම මේ දිවි ඔසු දිව්‍යලෝකය වැනිම තවත් මිත්‍යාවකි..
මෙහිදී මේ දිවි ඔසු වල ඇති විශේෂ ලක්ෂනයක් නම් ඒවායේ ඇති ප්‍රබල ලෙඩ සුවකිරීමේ ගුප්ත බලය ගැන මිසක ඒ ඖෂධ වල ඇති රසායන සහ ජීවවිද්‍යාත්මක බලපෑම ගැන දන්න කිසිවෙකු නොමැති වීමයි.. ඒ ඖෂධ ගැන උපදෙස් දෙන්නෝ පවසන්නේ ඒවා ඉතාම ගුණ බව පමණි..
පැරණි සමාජය කුඩා දරුවන්ගේ පනු රෝග සඳහා තිත්ත රස මැල්ලුම් වර්ග ( තිත්ත අඟුණ, කුඩා අඟුණ) දුන් අතර එහිදී ඔවුන් විස්වාස කලේ මිනිස් දිවට දැනෙන තිත්ත රස පනුවන්ටද දැනී ඔවුන් සිරුරෙන් ඉවත් වෙනබවයි. ඇත්ත වශයෙන්ම එදා සිට පැවත එන බොහෝ දිවි ඖෂධ වල ඖෂධීය පදනම සකස්වී ඇත්තේ මෙවන් අවිද්‍යාත්මක දෘෂ්ඨීන් මතය..
දෙළුම් වල ඇති ඖෂධීය ගුණය ගැන සඳහන් කිරීමේදී මීට වසර පහලවකට විස්සකට පමණ පෙර යුගයක ඇස් වල පැවති සුළු අසනීප වලට දෙළුම් කොල කොටා ඇසට යුෂ වැක්කිරීම නිසා සදහටම ඇස් අන්ධ වූවන් ද සිටියේය..
රටක් විදියට අපේ අතීතය ගත් කල එදා පැරැන්නෝ ස්වකීය ජීවිතයේ එදිනෙදා හමුවන ලෙඩ රෝග, අසාධාරණකම්, අසරණකම්, දුක්කම්කටොළු සියල්ලට පිළියම් ලෙස දුටුවේ මිත්‍යාවන් ය..යන්ත්‍ර,මන්ත්‍ර, ගුරුකම්, හදිහූනියම්, බලි තොවිල්, ජන්ම පත්‍රය පරීක්ෂා කර කරන පුදපූජා, සෙත්ශාන්ති ඉන් සමහරකි..
ලෝකේ කොයි ඉතිහාසයත් මීට සමාන නමුත් අප සතුව ඇති ඉතිහාසයෙන් ගැලවීගත නොහැකි සුවිශේෂී මරිකම නිසා මේ මිත්‍යාවන් දැන් ජාවාරම් කාරයන්ගේ වෙළඳපොලක් වී ඇතිබවක් පෙනේ..
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN