විපක්ෂනායකවරයාට ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිතුරු දෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): අගෝස්තු පළමුවැනිදා පාර්ලිමේන්තුවේ කරුණු දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස LED ඩිජිටල් තිර තුනක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් දැක් වූ අදහස් සාවද්‍ය බවට ශ්‍රී ලංකා ක්‍රිකට් දන්වා සිටියි.ඒවා අමාත්‍යංශයේ නියෝජිතයෙකුද සම්බන්ධ නිවැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඇතුළෙ ක්‍රියාත්මක වූ බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් එම ලිපියෙන් අවධාරණය කරයි.


එහිදී නිසි ක්‍රමවේදයකින් තොරව සිඳු කළ බවට කියන මිලදී ගැනිම් මෙන්ම ටෙණ්ඩරය විවාත කිරීමට පෙර මුදල් ගෙවීම වැනි කාරණා ද ආයතනයක් නිසි ක්‍රමවේදයෙන් තොරව පිළි නොගැනිම යන කරුණ ද ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතික්ෂේප කරන්නේය.


එ් සම්බන්ධයෙන් කරනු ලැබූ ගෙවීම් අදාළ භාණ්ඩ නියමි ස්ථානවලට පැමිණිමෙන් පසුව පමණක් කර ඇති බවත්,ප්‍රසම්පාදන ක්‍රියාවලියට අමාත්‍යංශයේ නියෝජිතයෙක් ද ඇතුළත්ව ඇති බවත්,ආයතනයක් ඉවත් කර ඇත්තේ ‘ලන්සු පෝරමය’ සමග ඉල්ලුම්කරු එයට ඇතුළත්වීම අත්‍යවශ්‍ය වූ අත්සන යොදා නොමැති බැවින් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් පෙන්වා දෙයි.


එසේම පාර්ලිමේන්තුව භාවිතා කරමින් නොමඟ යවන සුළු ප්‍රකාශ නොකරන ලෙසට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කර ඇත.මේ සමඟ එම ලිපිය ද එම ලිපියෙන් ප්‍රතික්ෂේප කරන සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා දැක් වූ අදහස් ඇති වීඩියෝවද මේ සමග ඇත.


https://youtu.be/LBcgrwLFq2I?si=MWTIyuSCKBoCrEJ8

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා අනතුරු ඇඟවීම් නොසලකා හැරි ආණ්ඩුව මහජනතාව අමාරුවේ දැමූ හැටි

ඇඩොල්ෆ් විසිනි දිට්වා සුලිකුණාටුවට රජය ප්‍රතිචාර දැක්වූ ආකාරය හමුවේ මහජනතාව...

ලුණුවිල ප්‍රදේශයේ දී අනතුරට ලක් වූ හෙලිකොප්ටර් යානයේ ගුවන් නියමුවා ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 30, කොළඹ LNW : අද (30) පස්වරුවේ...

පවතින ආපදා තත්ත්වය මත විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩපිළිවෙළක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 30, කොළඹ LNW : පවතින ආපදා තත්ත්වය...