මාරාන්තික කුරුළු උණක්! පක්ෂීන් 220ක් මියගිහින්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ආර්ජන්ටිනාවේ Catamarca පළාතේ Flamingo පක්ෂීන් 220ක් මාරාන්තික කුරුළු උණ රෝගයකින්, මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වනවිට වෛරසයේ ගෝලීය ව්‍යාප්තිය සම්බන්ධයෙන් විශේෂඥයින්ගේ අවධානය යොමුවී ඇති බව වාර්තා වේ.

කුරුළු උණ තාරාවන්, පාත්තයින් සහ හංසයන් වැනි ජලජ පක්ෂීන් හරහා ස්වභාවිකව පැතිරෙන මෙන්ම බෝවන සහ මාරාන්තික වෛරස් රෝගයකි. එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ මේ දිනවල පැතිර යන වෛරසය ගෘහස්ථ කුකුළන් වැනි අනෙකුත් පක්ෂි විශේෂවලටද ආසාදනය විය හැකි බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව 2022 සිට රටවල් 80කට වැඩි ප්‍රමාණයක කුරුළු ඉන්ෆ්ලුවෙන්සාහි H5N1 ප්‍රභේදය ව්‍යාප්ත වී ඇති අතර, මහාද්වීප පුරා එහි අඛණ්ඩ බලපෑම මධ්‍යයේ විශේෂඥයින්ද කනස්සල්ලට පත්ව ඇති බවද වාර්තා වේ.

H5N1 යනු අමෙරිකාවේ සහ යුරෝපයේ ගැටලු ඇති කරන භයානකම වෛරසයකි. තවද, මෙම වෛරසය පාලනය කිරීම සඳහා දැනට ඵලදායී ප්‍රතිකාරයක් නොමැති බව, New York ප්‍රාන්තයේ වනජීවී සෞඛ්‍ය වැඩසටහන නිවේදනය කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිලාන් ගේ ගොඩට කුසලුත් වැටෙයිද?

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

ශ්‍රී ලංකාවට ඉණිමක සහ ලකුණු 78 ක ජයක්ප්‍රභාත්ගෙන් ලකුණු 56 ට කඩුුලු 5 ක්

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

CAVA 19 පහළ කාන්තා තරගාවලියට සහ ජාතික වෙරළ වොලිබෝල කණ්ඩායම්වලට දක්ෂයන් තෝරයි

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ...

ලබා දුන් සහයෝගයට ස්තූතියි: ඉරාන – ඉන්දීය විදේශ අමාත්‍යවරුන් හමුවෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන විදේශ...