කෞතුකාගාරයේ ආරක‍්ෂාව වෙනුවෙන් නවීන තාක්ෂණය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා කෞතුකාගාරයේ ආරක‍්ෂාව වෙනුවෙන් නවීන තාක්ෂණය යොදා ගනිමින් විශේෂ ආරක්ෂක පද්ධතියක් ක්‍රියාත්මක කෙරේ.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා කියා සිටියේ පැය 24 පුරා මෙම ආරක්ෂක වැඩපිළිවෙල දියත් කෙරෙන බවයි.

මෙම විධිමත් ආරක‍්ෂක වැඩපිළිවෙල සදහා ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇතැයි ද සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය.

ලේනම්වරයා මේ බව කියා සිටියේ නෙදර්ලන්තය විසින් ආපසු භාරදුන් ශ්‍රී ලාංකික පුරාවස්තු ප්‍රදර්ශනය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ශතවර්ෂ දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවෙන් රැගෙන ගොස් නෙදර්ලන්තයේ සුප්‍රසිද්ධ රයිජ්ක්ස් කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ සුවිශේෂ පෞරාණික වටිනාකමකින් යුතු කෞතුක භාණ්ඩ 06ක් නැවත මෙරටට පසුගියදා භාර දුන්නේය. මෙම පුරාවස්තු ලබන අගහරුවාදා(05) සිට කොළඹ ජාතික කෞතුකාගාරයේ දී දැකබලා ගැනීමට මහජනතාවට අවස්ථාව ලැබෙනු ඇත.

මෙම පුරාවස්තු අතරට රන් හා රිදී කස්තාන දෙකක්, රන් පිහියක්, මහ තුවක්කු දෙකක් සහ ලෙව්කේ දිසාව සතුව පැවැති කාලතුවක්කුවක් ඇතුළත් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිලේ වෙනසක්!

කොළඹ LNW:මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව නවතම ඉන්ධන මිල...

ශ්‍රී ලංකාවේ වන ජීවී නීතියට නව යුගයක් උදා කළ අලි ජාවාරම් තීන්දුව

ඕවින්දි විෂ්මිකාඔක්තෝබර් 31, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ වනජීවී ආරක්ෂාව...

දුර්ලභ වක්‍රාකාරයේ දේදුන්නක් 2025 වසරේ කාලගුණ ඡායාරූප ශිල්පියා තරඟයෙන් ජයග්‍රහණය කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 31, කොළඹ (LNW): රාජකීය කාලගුණ විද්‍යා...

න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් කළ ඉල්ලීම ඉරානය හෙළා දකී

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...