රේගුවෙන් සොයා ගත් රු. මි. 43කට අධික මත්ද්‍රව්‍ය තොගය!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින්, තැපැල් මාර්ගයෙන් මෙරටට එවන ලද රුපියල් මිලියන 43කට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව වර්තා වේ.

රේගුව සඳහන් කළේ, මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදුකරන ආවේක්ෂණ රාජකාරීවලදී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකපිට පාර්සල් 25ක සිදුකළ පරීක්ෂාවේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි.

එම පාර්සල් ජර්මනිය සහ එංගලන්තය යන රටවල්වල සිට කොළඹ, මහරගම, බත්තරමුල්ල, බොරලැස්ගමුව, පානදුර මොරටුව හා මහනුවර යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන්ගේ ලිපිනයන් වෙත එවා තිබූ ඒවා බව සඳහන් වේ.

නමුත්, අදාළ ලිපිනයන් ව්‍යාජ ඒවා බවට විමර්ශනවලදී හෙළිවී තිබෙන අතර, එහිදී Methamphetamine අඩංගු Ecstasy නමැති මත්පෙති 2193ක්, කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1740ක් සහ Amphetamine ග්‍රෑම් 29ක් සොයාගෙන ඇති බව සඳහන් වේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය, වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිත බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම් කේටි සකාරියා දින පහක සේවා කාලයකින් පසු ධූරයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : අමෙරිකානු...

ඇමරිකානු සම්බාධක නොතකා ඉරානය LPG සහ ජෙට් ඉන්ධන නැව්ගත කරන බවට වාර්තා වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඇමෙරිකා...

නාමල්ගේ පෞද්ගලික ලේකම් සංජයගේ නිවසට මහ රෑ අල්ලස් කොමිසමෙන් පනී !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

ඉන්දුනීසියාවේ අපිරිසිදු වාතය හේතුවෙන් අසල්වැසි රටවල් පීඩාවට — සිංගප්පූරුව නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඉන්දුනීසියාවේ...