*
Thursday, May 15, 2025
spot_img

Latest Posts

සජබ e කොළම.

අශෝක ජයතුංග

වොෂින්ටන් LNW : 🎀 රටයි ජනතාවයි මෙගොඩ තනි කරලා රාජපක්ෂලා වැල් පාළමෙන් එගොඩ කරපු එකයි සිද්ද වුණේ. රට වැනසූ අය එක්ක අපේ ඩීල් නෑ – වි : නායක සජිත්.

🎀 හොරකම වංචාව දූෂණය නිසා රට බංකොලොත් කල අයගේ මුදල් ආණ්ඩුවට ගන්නා වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොකර වැට් බදු 18% ට වැඩි කරලා ආණ්ඩුව අසරණ ජනතාවගෙන් පළිගැනීම ඉතා වැරදියි – සජිත්.

🎀 වැට් වැඩිකරලා අරලියගහ මහා පාටිදාලා. ඉන්න හා හිටපු ලොක්කො විතරක් නෙවෙයි වැට් ඡන්දෙ මඟ ඇරලා ජනකාව මෝඩයට අන්දපු අයත් පාටියට ඇවිත් – සජිත්.

🎀 චීන පෝර නැවට ඩො. මිලි. 69 ක දැවැන්ත මුදලක් ගෙවා රට තවත් බංකොලොත් කල හිටපු කෘෂි වගකීම් දැරූ අය අනුන්ට මඩ ගහන එකයි පුදුමය –  සජිත්.

🎀 ජනගහනයෙන් 8.7% ක් එනම් ලක්ෂ 16 ක් වන ආබාධ සහිත අය ගේ උපකරණ වලටත් අමානුෂික ලෙස ආණ්ඩුව වැට් බදු පටවලා – සජිත්.

🎀 සජිත් – ජලනි ට මඩ ගහන්න ඉන්ජිනේරු සංස්ථාවෙන් බොරු මඩ වාර්තාවක් හදපු කෙනාගෙ විස්තරත් වි: නායක සජිත් පාර්ලිමේන්තුවට එළිකරයි.

🎀 අයවැය ට පසුදා සජිත් – ජලනි සපුගස්කන්ද මහ විදුහලට සුහුරු පංති කාමරයක් පිරිනමයි.

🎀 මෙරට දේශපාලන ඉතිහාසයේ පුළුල් හා ශක්තිමතිම සන්ධානය අපි ජනවාරි වල හදනවා – මහලේකම් රංජිත්.

🎀 වගකිව යුත්තන් ජාතික ආණ්ඩුවකට පරිසරය හදලා ඒ අනුව ගියා නම් රට මීට වඩා අද ඉදිරියට ගිහින් – කිරිඇල්ල.

🎀 වැටි එකෙන් පසු හැම කෙනෙක්ටම වසරකට රු 40,000 ක් ආණ්ඩුවට පූජා කරන්න වෙනවා – කිරිඇල්ල.

🎀 බදු කොන්දේසි සපුරා නැති බව IMF කීමෙන් වැටහෙන්නේ අනාගතයේදිත් ජනතාව බදු බරින් තව මිරිකන බවයි – කිරිඇල්ල

🎀 මේක මේ රජයේ අවසාන අයවැයයි. රටයි ජනතාවයි නැගිටුවන ඊලග අයවැය ගේන්නෙ අපි – ආචාර්ය හර්ෂ.

🎀 අයවැය ඩිස්නිලන්ත විනෝද චාරිකාව ඉවරයි. ආදායම ට්‍රිලියන 04 යි වියදම 08 යි – ඉරාන් කියයි.

🎀 අදානි ඉන්දියාවෙ හුළං වැඩි මුදලට අරන් ලංකාවෙ හුළං කුණු කොල්ලයට ගන්න මේ ආණ්ඩුව පිඔුරුපත් හදලා – තුෂාර ඉදුනිල්.

🎀 මහින්ද රාජපක්ෂ ඇතුළු මුළු පොහොට්ටුවම වැට් පනතට ඡන්දය දෙද්දී නාමල් බොරු වර්ජනයක් දාලා  රට ඇන්දුවට  ජනතාව ඇත්ත දන්නවා. ඒත් රෑ කනබොන පාටියට එයා ගිහින් – අශෝක් අබේසිංහ.

🎀 ගාලු කොටුව මත දී ගෝටාට එරෙහිව සාමකාමී උද්ඝෝෂණයක නිරතවූ නීතීඥයන්ට බාධාකල පොලිස් හා හමුදාවට උසාවියේදී සමාව ගන්නවීම කාටත් හොඳ පාඩම් – අජිත් පී. කියයි.

🎀 අයවැයට ඡන්දය දෙන්න නම් වාහන බලපත්‍ර දෙන්නැයි ඉල්ලන තරමට ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීලා  පහත් තත්වයට වැටුණා – මාන්නප්පෙරුම.

🎀 නිවැරදි ආදායම් මාර්ග ඇති කරගන්නා ලෙස IMF කියපු එකට ආණ්ඩුව ලේසියටම කළේ බදු බර, විදුලිය , ජලය හා භාණ්ඩ මිල වැඩිකර ජනතාවට බර පැටවීමයි – හෙක්ටර් අප්පුහාමි.

🎀 හෙන්රි ප්‍රේද්‍රිස් ඝාතනය ගැන වසර 108 කට පසු හොයන ආණ්ඩුව ලසන්ත එක්නැලිගොඩ ලා ගැන නොසෙයන එක පුදුමයක් – අර්ල් ගුණසේකර.

🎀 ශානි හප්පලා මරන්න හදන බවට නීතිපති ඒක අධිකරණයට වාර්තා කරලා. ඔහුගෙ ආරක්ෂාව වහාම තර කරන්න – සජබ කියයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan