පොහොට්ටුවේ නායකත්වය යළි මහින්දටම!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි පත් වී තිබේ.

අද (15) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන ජාතික මහ සම්මේලනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා විසින් පක්ෂ නායකත්වයට යළි මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් එය ස්ථීර කළේය.

ඉන් අනතුරුව සභාවේ සිටි පක්ෂ සාමාජිකයන්ගේ එකඟතාව මත එම යෝජනාවට පක්ෂ මහා සම්මේලනයේ අනුමැතිය ඒකමතිකව ලැබුණි.

කෙසේවෙතත් පසුගිය කාලය පුරා මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ පක්ෂයේ නායකත්වයේ වෙනසක් සිදුකෙරෙන අතර බොහෝ දුරට එය තරුණ නායකත්වයක් අතට පත්විය හැකි බවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...