චන්ද්‍රිකා,රොහාන්,ලක්ෂ්මි සහ මංජුල අද වියට්නාමයේ දී අවසන් පූර්ව තරගවල

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): වියට්නාමයේ පැවත්වෙන ආසියානු විවෘත ප්‍රවීන බැඩ්මින්ටන් තරගාවලියේ අද (දෙසැම්බර් 16 ) පැවත්වෙන අවසාන පූර්ව තරගවලදී ශ්‍රී ලංකාව නියෝජනය කරන චන්ද්‍රිකා ද සිල්වා,රොහාන් ද සිල්වා,ලක්ෂ්මි පුංචිහේවා සහ මංජුල ප්‍රනාන්දු සිය වයස් කණ්ඩාවල අවසාන පූර්ව තරග නියෝජනය කිරීමට නියමිතය.


චන්ද්‍රිකා ද සිල්වා මේ අතරින් විශේෂිත වන අතර ඇය අවසන් පූර්ව තරග තුනකට සහභාගි විමට නියමිතය.ඇය අවුරුදු 45 වයස් කාණ්ඩයේ අවසන් පූර්ව වටයේ දී තරග වඳින්නනේ මොංගෝලියාව නියෝජනය කරන ලුව්සන්බට් බැට්සෙට්සෙග්ට එරෙහිවය.වයස අවුරුදු 110 එකතුව මිශ්‍ර යුගල තරගයේදී චන්ද්‍රිකා රොහාන් ද සිල්වා සමඟ එක්ව මුහුණ දෙන්නේ බට්වාන් සුනිල් ට සහ විජයලක්ෂ්මි සුබ්‍රමනියම් ට එරෙහිවය.ලක්ෂ්මි පුංචිහේවා සමඟ කාන්තා යුගල අවුරුදු 110 එකතුව තරග අංශයේ දී චන්ද්‍රිකා සහ ලක්ෂ්මි එකතුව තරග වදින්නේ ඉන්දියාවේ එස්.බානුට සහ යැස්මීන් ෂයික් ට එරෙහිවය.


මංජුල ප්‍රනාන්දු පිරිමි වයස 45 කාණ්ඩයේ පිරිමි අවසන් පූර්ව තරගයේ දී ලලිත් යාදව්ට එරෙහිව තරග වදින අතර ඔහු මේ තරග අංශයේ අංක දෙකට ශ්‍රේණිගතව සිටින ක්‍රීඩකයා බැවින් මංජුල ප්‍රනාන්දු ඉදරියේ විශාල අභියෝගයක් මතුව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...