*
Friday, October 18, 2024
spot_img

Latest Posts

හොඳම දේ දරුවන්ට කිව්වත් රට වටේම තියෙන්නේ බාල බඩු!

කොළඹ LNW:තත්ත්වයෙන් බාල පාසල් උපකරණ දිවයින පුරා අලෙවිසල් තුළ අලෙවිකෙරෙන අතර එමඟින් මේ රටේ පාසල් සිසුන්ගේ ජීවිත අනතුරේ හෙළා ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

පිටකොටුව ආශ්‍රිතව පාසැල් උපකරණ තොග මිළට අළෙවි කරනු ලබන වෙළදුන් විසින් අළෙවි කරන ඉතා ආකර්ෂණීය නිමාවකින් යුත් මේ පාසැල් උපකරණ නියමිත ප්‍රමිතීන්ට අනුව නිපදවනු ලබන්නේ නැති නිසා දරුවන් විශාල සෞඛ්‍ය අවධානමකට ලක් වෙන බවයි එම ව්‍යාපාරය පෙන්වාදෙන්නේ.

”මෙම පාසැල් උපකරණ අතර තත්වයෙන් බාල පැන්සල්, පාට පැන්සල් වතුර බෝතල් සහ කෑම පෙට්ටි යන වර්ග වේ. බොහොමයක් පැන්සල්වලට භාවිතා කර තිබෙන්නේ තත්ත්වයෙන් බාල මිනිරන් නිසා ඒවාගේ තුඩ කැඩී එම උපකරණ වැඩි කාලයක් භාවිතා කිරීමට නොහැකි වී තිබේ. ලාභය පිළිබද සළකා දෙමාපියන් විසින් ඒවා මිළදී ගත්තද අවසානයේදී සිදු වන්නේ අලාභයකි. එසේම මෙම පැන්සල් සහ පාට පැන්සල් නිෂ්පාදනය සදහා භාවිතා කර ඇති තීන්ත වර්ග ප්‍රමිතයෙන් තොරවීම නිසා කුඩා දරුවන්ගේ සෞඛ්‍යයට ඇති වන්නේ විශාල තර්ජනයකි. එසේ වන්නේ සමාන්‍යයෙන් කුඩා දරුවන් පැන්සල්/ පාට පැන්සල් කටින් හැපීම සාමාන්‍ය පුරුද්දක් කරගෙන තිබෙන නිසාය. මෙහි භයානකම තත්ත්වය වන්නේ එවැනි නිෂ්පාදනවල ශරීරයට අහිතකර බැර ලෝහ අඩංගු වන නිසා එම බැරලෝහ දරුවන්ගේ සිරුරට ඇතුලු වීමේ අවධානමක්ද පවතින බැවිනි.

දරුවන් භාවිතා කරන උපකරණ වර්ණ ගැන්වීම සම්බන්ධයෙන් EN71-3 ලෙස අන්තර්ජාතික ප්‍රමිතියක් ඇති අතර එමගින් පාසැල් උපකරණ වල අඩංගුවිය හැකි බැර ලෝහ 19 කින් ආරක්ෂාව ලබාදී ඇත. එහෙත් අප රටේ අලෙවි වන බොහාමයක් ආනයනික පැන්සල් සහ පාට පැන්සල් මේ ප්‍රමිතියට අනුකූලව නිෂ්පාදනය කර නැත. ප්‍රමිතියට නිපදවන බව එම ඇසුරුමේ සදහන් කර ඇතත් එය පාරිභෝගිකයින් නොමග යැවීමකි.

අනෙක් කාරණය නම් ආහාර ඇසුරුම් සහ නැවැත නැවතත් භාවිතා කරනු ලබන වතුර බෝතල් නිපදවීමේදී ජාත්‍යන්තර ප්‍රමිතිය වන්නේ පිළිකාකාරක රසායනිකයක් වන “බිස්ෆීනෝල් ඒ” (Bisphenol A) හෙවත් BPA වලින් තොර ඒ සදහා භාවිතා කරන Polypropylene ප්ලාස්ටික් වලින් මේවා නිපදනීවීමයි. එය හදුනා ගැනීම සදහා භාවිතා කරන ජාත්‍යන්තර ක්‍රමවේදය වන්නේ ඒ උපකරණ වල පතුල මත අංක 5 සටහන් කර තිබීමය. ඒ මගින් අදහස් වන්නේ එම උපකරණ වල විෂද්‍රව්‍ය වලින් තොර බවත් ඒවා නැවත නැවත භාවිතයට සුදුසු බවත්ය.

නමුත් මේ වෙනකොට ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන බාල වතුර බෝතල් සහ කෑම පෙට්ටි මෙම ප්‍රමිතීන්ට අනුකූල නැති නිසා එම අංක සදහන් කරලා නැත. එසේම ඇතැම් නිෂ්පාදන එම අංක සදහන් ව ඇතත් ඒවා පරීක්ෂා කිරීමේදී පැහැදිලිව පෙනී යන කාරණය නම් ඒවා ව්‍යාජ ව යෙදූ අංක බවය. අදාල නිෂ්පාදනවල ඝනත්වය දෙස බැලීමේදී ඒ බව තහවුරු වේ.

වෙළද උපක්‍රම ලෙස අලෙවියට තබා ඇත ඉතා ආකර්ෂණීය වතුර බෝතල් සහ කෑම පෙට්ටි 3 ක් මිලදී ගත්විට එකක් ගත්තම 1 ක් නොමිළේ ලැබෙන බව සදහන් කර ඇත .නමුත් එම නිෂ්පාදන සදහා භාවිතා කර ඇත්තේ අංක 7 කාන්ඩයේ පොලිකාබනේට් ප්ලාස්ටික් වලින් බව පෙනී යයි. එසේ වීම නිසා එම නිෂ්පාදන වල BPA අඩංගු වන අතර ඒවායේ පිළිකාකාරක රසායනික සංඝටක අඩංගු විය හැක.

හොදම දේ දරුවන්ට කියා උදේ හවස ප්‍රකාශ නිකුත් කළද ශ්‍රී ලංකාවේ දරුවන් භාවිතා කරන පාසැල් උපකරණ වල ප්‍රමිතිය නියාමනය කිරීමට කිසිදු ආයතනයක් නැත. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මේ සම්බන්ධව කිසිදු ප්‍රමිතියක් හදුන්වා දී නැත.ඕනම පුද්ගලයෙකුට හෝ ආයතනයකට ප්‍රමිතියෙන් තොර පාසැල් උපකරණ ආනයනය කර අලෙවි කිරීමට හැකියාව ලබා දී තිබේ.

පාරිභෝගික අධිකාරිය මේ පිළිබදව සොයා බැලීමට වැඩ පිළිවෙලක් සැකසිය යුතු අතර පාසැල් විසින් පොත් ලැයිස්තු නිකුත් කිරීමේදී දෙමාපියන්ට පාසැල් උපකරණ වල ප්‍රමිතිය ගැන යම් සදහනක් කිරීම ඉතා වැදගත්වේ. අපේ රටේ ගුරුවරුන් හා වෘත්තීය සමිති නිරන්තරයෙන් තම අයිතිවාසිකම් සම්බන්ධයෙන් අරගල කලද මෙවැනි සංවේදී කාරණා ගැන ඔවුන් නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමද කණගාටුදායකය. අප සංවිධානය බළධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ආනයනික පාසැල් උපකරණ නියාමනය කිරීම සදහා විධිමත් වැඩපිළිවෙලක් සකසන ලෙසය.” යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan