*
Monday, May 19, 2025
spot_img

Latest Posts

COVID-19 JN-1 හි අවදානම මෙරටට ඉතා අවමයි – සෞඛ්‍ය අමාත්‍යාංශය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): COVID-19 වෛරසයේ JN-1 උප ප්‍රභේදය නිසා ශ්‍රී ලංකාවට ඇති විය හැකි අවදානම ඉතා අවම බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

2023 දෙසැම්බර් 20 වන දින ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් COVID -19 වෛරසයේ JN -1 උප ප්‍රභේදය (Variant of Interest -VOI) තව දුරටත් සොයා බැලිය යුතු උප ප්‍රභේදයක් ලෙස ප්‍රකාශ කල අතර එහි පැතිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බව දැන්වීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය දැනට එම උප ප්‍රභේදය නිසා ඇතිවිය හැකි මහජන සෞඛ්‍ය තර්ජනය අවම මට්ටමක ඇති බව ප්‍රකාශ කරයි. කෙසේ වෙතත්, එම සංවිධානය අනතුරු අඟවන්නේ උතුරු අර්ධ ගෝලය තුල උදාවන ශීත ඍතුව සමගින් එම ප්‍රදේශ වලට බලපාන ලෙස මෙම උප ප්‍රභේදය සහ ඉන්ෆ්ලුඑන්සාව ඇතුළු වෙනත් ශ්වසන රෝගද වැඩිවීමේ ප්‍රවනතාවයක් ඇති බවටයි. JN -1 උප ප්‍රභේදය ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන රටවල් කීපයකම මේ වනවිට හඳුනාගෙන ඇත.

පවතින ගෝලීය තත්වය සැලකිල්ලට ගෙන, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අගිනිදිග ආසියානු කලාප කාර්යාලයේද උපදෙස් ලබා ගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ශ්වසන රෝග පිළිබඳ ආවේක්ෂණ කටයුතු ප්‍රධාන රෝහල් 19 ක ශක්තිමත් කරන ලද අතර, COVID -19 සඳහා සිදු කරන පරීක්ෂණ වැඩි වශයෙන් සිදු කිරීමට පියවර ගෙන ඇත. JN -1 උප ප්‍රභේදය ශ්‍රී ලංකාව තුල පැතිර යාමේ අවදානම තක්සේරු කිරීමට ජානමය පරීක්ෂණ සිදු කිරීමට වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත දැනටමත් උපදෙස් ලබා දී ඒ් අනුව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අවශ්‍ය කටයුතු කරමින් පවතී.

ශ්‍රී ලංකාවේ පසුගිය මාස කීපය පුරාම කරන ලද පරීක්ෂණ වලට අනුව ඉතා අවම COVID -19 රෝගීන් වාර්තා වීමක් පෙන්නුම් කරනු ලැබ ඇත. පසුගිය දින කීපය තුල විශේෂ අවධානය යොමු කරමින් ප්‍රධාන රෝහල් වලින් තාක්ෂණික උපදෙස් වලට අනුකූලව නියැදි (සාම්පල) ලබා ගෙන පරීක්ෂණ කිරීමට වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කරන ලදී. එම නියැදි පරීක්ෂාවේදී කිසිදු සාම්පලයක් COVID -19 ලෙස හඳුනා ගෙන නොමැත.

එබැවින්, දැනට ලැබෙන දත්ත අනුව COVID -19 වෛරසයේ JN -1 උප ප්‍රභේදය නිසා ශ්‍රී ලංකාව තුල වසංගත තත්වයක් ඇතිවීමේ අවදානම ඉතා අවම බව අවධාරණය කල හැක.

විශේෂඥ උපදෙස් වලට අනුව ඉන්ෆ්ලුඑන්සා සහ වෙනත් ශ්වසන රෝග පැතිරීම වැළැක්වීම සඳහා සංවෘත, වාතාශ්‍රය අඩු, ජනාකීර්ණ ස්ථාන වල මුව ආවරණ පැළදීම, නිතර අත් සේදීම, දුරස්ථ භාවය පවත්වා ගැනීම, කැස්ස සහ කිවිසුම් ආචාර පවත්වා ගැනීම මගින් මෙම ශ්වසන රෝග පැතිරීමට ඇති ඉඩකඩ විශාල ලෙස අවම කල හැක.

වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්, නිදන්ගත රෝග වලින් පෙලෙන්නන් සහ ගර්භනී මවුවරුන් ශ්වසන රෝග වලට ගොදුරු වුවහොත් සංකුලතා ඇතිවීමේ අවදානම වැඩි බැවින්, එම පුද්ගලයින් විශේෂයෙන්ම ප්‍රවේශම් විය යුතුය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan