රග්බි විනිසුරුවන්ගේ සංගමයේ නිලවරණය අවුලක

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සහ තීරකයන්ගේ සංගමයේ නව නිලධාරි මණ්ඩලය පත් කර ගැනීම නව වසරේ දී පැවත්වීමට පෙර දැනට සිටින නිලධාරි මණ්ඩලය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් කළ යුතුව ඇතැයි ද,එසේ නොවන්නේනම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගවලට අවතීරණ වනු ඇතැයිද රග්බි විනිසුරු සහ තීරක සංගමයේ පිරිසක් පවසා සිටිනවා.


“අපි මේක තවම අමාත්‍යංශය දක්වාවත් ගෙන ගොස් නැහැ.ඔවුන්ට පැහැදිළි කිරීමකට ඉඩ දී තිබෙනවා.”
මෙම ගැටළුව සම්බන්ධයෙන් අප හා අදහස් ප්‍රකාශ කළ අයෙක් පවසා සිටියා.
“වසර 10 ක් ස්ථීර තැන්පතුව තබාගෙන හිටපු බැංකුව මේ අය වෙනස් කරලා තියෙන්නෙ 2022 දී.ඒක වෙනස් කරන්න කමිටුවේ අනුමැතිය අරගෙන තිබුණත්,වෙනස් කිරීම සඳහා වන නිසි ක්‍රමවේද අරගෙන නැහැ.තිබුණ බැංකුව සමඟ පොලී අනුපාතය වැඩි කරගන්න සාකච්ඡා කර නැහැ.වෙනත් බැංකුවලින් මිල කැඳවීම් කර නැහැ.අලුත් බැංකුවෙ නිලධාරි මණ්ඩලයෙ ප්‍රධානියෙක්ගෙ බිරිඳ වැඩ කරනවා.ඒක වෙන්නත් පුළුවන් මේකට හේතුව.එහෙම සැක ඇතිවෙන්නෙ මේ අය වැඩ කරන විදිහට.අඩුම ගණනෙ වෙනත් ගිණුම් තියෙන බැංකුවල ගිණුම් අංක ප්‍රසිද්ධ කරත්,මේ ගිණුම් අංකය කමිටු සාමාජිකයින් සියලු දෙනාම දන්නෙත් නැහැ.”


ඔහු පවසන ආකාරයට මේ ගැටළුව පැන නැඟී ඇත්තේ මිලයන 10 ක මුදලක් සම්බන්ධයෙන් හැසිරීම සැක සහිත වීම නිසයි.එම මුදල වෙනත් බැංකුවක් වෙත ගෙන යාමට ගත්තු අවසරය අනුව එම තීරණයට බල පෑ හේතු කවරේද යන්න සහ ඒ සඳහා ඒ ඒ බැංකු ඉදිරිපත් කළ පොලී අනුපාත ගැන සංගමය දැන ගත යුතුව ඇතැයි ද මෙහි දී පවතින රග්බි විනිසුරු සහ තීරක සංගමයේ පරිපාලනයට එරෙහිව කටයුතු කරන පිරිස පවසනවා.ඔවුන් නඟන හඬට අනුව නිලවරණයට පෙර ඒ සියලු දේ ඉදිරිපත් කරන බව පරිපාලනය කීව ද, එයට බාලගිරි දෝෂය උදා වී ඇතැයි මේ සම්බන්ධයෙන් විරෝධය දක්වන පිරිස් පවසනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...