අදට (03) යෙදෙන ලෝක වනජීවී දිනයට සමඟාමීව ජනාධිපති ගෝඨාභය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ සත්ත්ව හා ශාක විශේෂයන්ට ද මිනිසාට මෙන් ජීවත් වීමේ අයිතියක් ඇති බවත්, එම අයිතිය ලබා දීමට අප කටයුතු කළ යුතු බවත් ය.
මේ වන විට ශ්‍රී ලංකාව සතු සියයට 29 ක් වූ වනගහනය ඉදිරි පස් වසර තුළ සියයට 32 දක්වා වැඩි කිරීමේ පරිසර ප්‍රතිපත්තිය අනුව යමින් වසරකට ශාක දසලක්ෂයක් සිටුවීමේ වැඩසටහන ක්‍රියාත්මක අතර, වනජීවී රැකවරණ, කැලෑ නැවත වගා කිරීමේ වැඩසටහන් ආදිය ක්‍රියාත්මක කිරීම මඟින් වනජීවීන් සතු ජීවත්වීමේ අයිතිය තහවුරු කරන බව ද ඔහු සඳහන් කරයි.
නිවේදනය පහතින්:
ලෝක වනජීවී දිනය අදයි. ලොව පුරා සියලු සත්ත්ව හා ශාකවල සුරක්ෂිතතාවය තහවුරු කිරීම වෙනුවෙන් විශේෂයෙන් සැමරෙන අද දිනය වන විටත් ලෝකයේ වන සත්ත්ව හා වෘක්ෂලතා විශේෂ 8400කට අධික ප්‍රමාණයක් දැඩි ලෙස වඳ වී යාමේ තර්ජනයකට මුහුණ පා තිබේ.
පරිසරයේ උරුමකරුවා මිනිසා පමණක් නො වේ. සත්ත්ව හා ශාක විශේෂයන්ට ද මිනිසාට මෙන් පරිසරයේ ජීවත් වීමට අයිතිය ලබා දිය යුතු ය. අපගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් ඒ පිළිබඳව අවධානයක් යොමු කර ඇත්තේ එබැවිනි.
මේ වන විට ශ්‍රී ලංකාව සතු 29%ක් වූ වනගහනය ඉදිරි පස් වසර තුළ 32% දක්වා වැඩි කිරීමේ පරිසර ප්‍රතිපත්තිය අනුව යමින් වසරකට ගස් දස ලක්ෂයක් සිටුවීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම්, වනජීවී රැකවරණ, කැලෑ නැවත වගා කිරීමේ වැඩසටහන් ආදිය ක්‍රියාත්මක කිරීම් සියල්ලෙහි අරමුණ වනජීවීන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම බව ද අද දිනයේදී සිහිපත් කළ යුතු ය.

MIAP