සැකකටයුතු මරණ 7ක් ගැන පරීක්ෂණ අරඹයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 01 කොළඹ (LNW): හෝමාගම ප්‍රදේශයේදී සියදිවි හානිකරගත් ආගම් සම්බන්ධ දේශකයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකුගේ අනුගාමිකයින් දෙදෙනෙකු බව කියන තරුණියක් සහ තරුණයෙකු විෂ ශරීරගත වීමෙන් මියගොස් සිටියදී සොයාගෙන ඇති අතර , පසුගිය දින කිහිපය තුළ සිදුවු සැකකටයුතු මරණ 7ක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා කියා සිටී.

21 හැවිරිදි තරුණියක් සහ 34 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති අතර ඔවුන් දෙදෙනා කිසියම් විෂක් ශරීරගත කරගෙන මියගොස් ඇති බවට සැක පළ කරන බවද, පොලීසිය පවසයි.

තරුණියගේ මළ සිරුර යක්කල ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී සොයාගෙන ඇති අතර අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 34 හැවිරිදි පුද්ගලයාගේ මළ සිරුර ඔහු නවාතැන්ගෙන සිටි මහරගම ප්‍රදේශයේ ලැගුම්හලක තිබී සොයාගෙන ඇත.

ආගම් සම්බන්ධයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල දේශන පැවැත්වීමේ නිරත වෙමින් සිටි “රුවන් ප්‍රසන්න ගුණරත්න” නැමැත්තා පසුගියදා විෂ වර්ගයක් ශරීරගත කරගැනීමෙන් දිවිනසාගෙන ඇත.

ඉන් අනතුරුව ඔහුගේ බිරිඳ ද දරුවන් තිදෙනා සමග සියදිවි හානිකරගෙන තිබූ බව තොරතුරු වාර්තා වේ.

මියගිය රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තාගේ අවසන් කටයුතු සඳහා ද සහභාගී වූ තරුණයෙකු සහ තරුණියක අද (03) මෙලෙස මියගොස් සිටියදී සොයාගෙන ඇත.

පොලීසිය සැක පළ කරන්නේ, ඔවුන් සියලුදෙනාම මියගොස් ඇත්තේ එකම විෂ වර්ගයක් ශරීරගත කරගැනීමකින් බවටයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ වැඩිදුර විමර්ෂණ සිදුකරණු ඇත

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි විශ්වාස කරනවා රිය අනතුර වෙද්දී රන්වල මන්ත්‍රීතුමා බීමතින් හිටියේ නැහැ කියලා – ඇමති නලින්ද

රිය අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල මන්ත්‍රීවරයා බීමතින් නොසිටියේ...

ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්

තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක්...

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයෙන් බලපෑම් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහය දිවයිනේ කාලගුණයට...