සැකකටයුතු මරණ 7ක් ගැන පරීක්ෂණ අරඹයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 01 කොළඹ (LNW): හෝමාගම ප්‍රදේශයේදී සියදිවි හානිකරගත් ආගම් සම්බන්ධ දේශකයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකුගේ අනුගාමිකයින් දෙදෙනෙකු බව කියන තරුණියක් සහ තරුණයෙකු විෂ ශරීරගත වීමෙන් මියගොස් සිටියදී සොයාගෙන ඇති අතර , පසුගිය දින කිහිපය තුළ සිදුවු සැකකටයුතු මරණ 7ක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා කියා සිටී.

21 හැවිරිදි තරුණියක් සහ 34 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති අතර ඔවුන් දෙදෙනා කිසියම් විෂක් ශරීරගත කරගෙන මියගොස් ඇති බවට සැක පළ කරන බවද, පොලීසිය පවසයි.

තරුණියගේ මළ සිරුර යක්කල ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී සොයාගෙන ඇති අතර අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 34 හැවිරිදි පුද්ගලයාගේ මළ සිරුර ඔහු නවාතැන්ගෙන සිටි මහරගම ප්‍රදේශයේ ලැගුම්හලක තිබී සොයාගෙන ඇත.

ආගම් සම්බන්ධයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල දේශන පැවැත්වීමේ නිරත වෙමින් සිටි “රුවන් ප්‍රසන්න ගුණරත්න” නැමැත්තා පසුගියදා විෂ වර්ගයක් ශරීරගත කරගැනීමෙන් දිවිනසාගෙන ඇත.

ඉන් අනතුරුව ඔහුගේ බිරිඳ ද දරුවන් තිදෙනා සමග සියදිවි හානිකරගෙන තිබූ බව තොරතුරු වාර්තා වේ.

මියගිය රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තාගේ අවසන් කටයුතු සඳහා ද සහභාගී වූ තරුණයෙකු සහ තරුණියක අද (03) මෙලෙස මියගොස් සිටියදී සොයාගෙන ඇත.

පොලීසිය සැක පළ කරන්නේ, ඔවුන් සියලුදෙනාම මියගොස් ඇත්තේ එකම විෂ වර්ගයක් ශරීරගත කරගැනීමකින් බවටයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ වැඩිදුර විමර්ෂණ සිදුකරණු ඇත

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය දරුවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය බාලවයස්කාර දරුවන්ගේ...

යෝධයා මීටර් 60 අවසාන තරගයේදී ආසියාවේ හත්වැන්නා වෙයි – අද මධුශිකා සහ මෙත්මි තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චීනයේ ටියන්ජින් හී පැවත්වෙන...

අපිට ගැහුවොත් අපිත් ගහනවා. ඒක තමයි දේශපාලනයේ විදිහ. ඒවා ගැන ප්‍රශ්න කරන්න එපා ! – ඇමති ලාල්

තමන්ට යම්කිසිවකු නිරපරාදේ මතවාදීව පහරදෙන්නේ නම් තමනුත් පෙරළා පහරදෙන...