සජිත්ගේ “සක්වල” වැඩසටහනේ 60 වැනි ස්මාර්ට් පන්ති කාමරය කැස්බෑව ශ්‍රී සුදර්ශන විදුහලට (VIDEO)

Date:

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන “සක්වල” තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 60 වැනි අදියර යටතේ කැස්බෑව ශ්‍රී සුදර්ශන ආදර්ශ විද්‍යාලයට සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීම ඊයේ (04) සිදුකෙරිණි.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

සමාජ වාදයෙන්, අන්ත වාමවාදයෙන්, කොමියුනිස්ට්වාදයෙන් මෙන්ම අන්ත ධනවාදයෙන් ද රට ගොඩ ගත නොහැකි බවත් ඒ සඳහා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය මූලික කර ගත් මානුෂීය ධනවාදයක් ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

ප්‍රග්ධනයේ ගමන නමින් සංකල්පයක් ලෝකයේ ඇති බවත් එය ප්‍රග්ධනය ඇතුළට සහ පිටත යනුවෙන් කොටස් 2කින් සිදු වන බවත් අපේ රටේ සිදුවිය යුත්තේ ප්‍රාග්ධන සම්පත රට ඇතුළට ලබා ගැනීම වුවත් සිදු වන්නේ රටින් පිටතට ප්‍රාග්ධනය යැවීම බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

කොරෝනා සමයේ චීනයෙන් පිටතට ප්‍රාග්ධන සම්පත ඇදී යන විට ඉන්දියාව වැනි රටවල් එම ප්‍රාග්ධන සම්පත ලබා ගැනීමට වෙහෙසෙන විට අපේ රටේ රජයන් කොටු පවුරු බැදගෙන දේශානුරාගය ඉස්මතු කරමින් ප්‍රශස්ති ගායනා සිදු කරමින් සිටි නිසා රට බංකොලොත් වූ බවත් රට දියුනු වීමට අවශ්‍ය සෘජු විදේශ ආයෝජන රටේ නායකයෝ හොරකම් කිරීම නිසා රටට අහිමි වී ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

එසේම එදා කාන්තාවන්ගේ සෞඛ්‍ය සම්පන්නභාවය ගැන කතා කරද්දි තමාට අපහාස කළත් අද එය රටම පිළිගෙන ඇති බවත් සමගි ජන බලවේග රජයක් තුළ රාජ්‍ය අනුග්‍රහය යටතේ කාන්තාවන්ගේ සනීපාරක්ෂාව සඳහා වන පහසුකම් ලබා දීමට කටයුතු කරන බවත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණ ලබාදී ඇත. සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 60ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 572ක් වැය කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...

ලොවක් ආදරය කළ විනිසුරු ෆ්‍රෑන්ක් කැප්‍රියෝ සිය අවසන් හුස්ම හෙළයි!

සටහන – පුලී අගෝස්තු 21, කොළඹ (LNW): අග්න්‍යාශ පිළිකාවක් සමඟ දිගුකාලීනව...