නිත්තවෙලදී හැව්ලොක්ස් වෙතින් මහනුවරට තියුණු අභියෝගයක්

Date:

මහනුවර ක්‍රීඩා සමාජයට හුරුපුරුදු නිත්තවෙලදීම දැඩි අභියෝගයකට මුහුණ දෙන්නට සිදු විය.ඒ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය විසින් ඇති කරන ලද පීඩනය හේතුවෙන්ය.තරගයේ පළමු අර්ධයේ දෙපිළම කරට කර කළ සටන එම අර්ධය නිමා වන විට ලකුණුවලින් කියැවුණේ 19 – 17 ක් ලෙසය.මහනුවර ලකුණු 2 න් ඉදිරියෙන් සිටියේය.

දෙවන අර්ධයේදී මහනුවර කණ්ඩායම උත්සාහ කළේ ලකුණු ලබා ගැනීම දෙවැනි තැන තබා ප්‍රතිවාදීන්ට ලකුණු ලබා ගැනීමට හැකි ඉඩ වසා දැමීමටය.එක දිගට සූරතාව හිම කර ගනිමින් සිටින මහනුවර ක්‍රීඩකයන්ගේ අත්දැකීම් සපිරි එම පිඩාකාරී ආවරණයෙන් මිදෙන්නට හැව්ලොක්ස් කණ්ඩායම ගත් උත්සාහයක ප්‍රතිපලයක් ලෙස ලැබුණු දඩුවම් පහරකින් මහනුවරට ලකුණු එක් කරන්නට පළපුරුදු තරින්ද රත්වත්ත සමත් විය.එසේම ප්‍රතිවාදීන් ගේ අවධානය තව දුරටත් ආක්‍රමණය දෙසට යොමු වන්නට ගත් එම සිදුවීමේ පලයක් ලෙස ශ්‍රීනාත් සූරියබණ්ඩාර උථ්සාහක දිණුමක් ලැබීමට සමත් විය.27 – 17 ක් ව තරගය ඉදිරියට යාම වෙනස් කර ලකුණු අතරට ඒමට හැව්ලොක්ස් දිගින් දිගටම ගත් වෙහෙස මල්පල ගැන් වුණේ 62 වන විනාඩියේදී ය.ඒ දිනුප සෙනවිරත්න ලැබූ උත්සාහක දිණුමෙන්ය.

එහෙත් තරගය අවසානය දක්වා ළඟාවන තෙක්ම දිනුපගේ උත්සාහයෙන් මතු හැව්ලොක්ස් කණ්ඩායමට හෝ මහනුවර කණ්ඩායමට ලකුණු එකතු නොවිණි.තරගයේ නිමාවේ ලකුණු සටහන 27 – 22 ක් ලෙස මහනුවරට ජය අත් විය.

මහනුවර කණ්ඩායම වෙනුවෙන් ධනුෂ්ක බණ්ඩාර,ඩිනාල් ඒකනායක,ශ්‍රීනාත් සූරිය බණ්ඩාර සහ තරිඳු චතුරංග උත්සාහක දිණුම්වලින් ලකුණු එක් කළහ.එම උත්සාහක දිණුම් හතරෙන් එකක් නයිජල් රත්වත්ත සාර්ථකව ප්‍රවර්ථනය කළ අතර සාර්ථක ප්‍රවර්ථනයක් සමඟින් තරින්ද රත්වත්ත,දඩුවම් පහරකින් ද මහනුවරට ලකුණු එකතු කරන්නට සමත් විය.

හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් දිනුප සෙනවිරත්න,රන්දිත වර්ණපුර සහ සෙනාල් දීලක සිල්වා උත්සාහක දිණුම් වාර්තා කළ අතර ඉන් දෙකකම ප්‍රවර්ථන සාර්ථක කළ සැමුවෙල් මධුවන්ත එක් දඩුවම් පහරකින්ද ලකුණු එක් කරන්නට සමත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ටෙහෙරානයේ හදවතට’ ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායල ආරක්ෂක ඇමති නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය හා ඊශ්‍රායලය...

සභා 200ක් මාලිමාව අතේ!

කොළඹ LNW:පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව මේ වන...

බෝට්ටු පෙරළීමෙන් ටහෝ විලෙහි අට දෙනෙක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු ඇමරිකාවේ විශාලතම...

වතු කම්කරු වැටුප් වැඩි වීම ගැන බලාපොරොත්තුවක්!

කොළඹ LNW:මෙම වසරේදී වතු කම්කරු දෛනික වැටුප රු.1700 දක්වා...