නිළධාරීන් ජනපතිත් අන්දනවාද ? නෑ කිව්වට හෙටත් විදුලිය කැපෙයි !

Date:

පසුගියදා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී විදුලි බල මණ්ඩල නිළධාරීන් පොරොන්දු වී තිබුණේ මාර්තු 05 වැනිදා වනවිට විදුලි කප්පාදුව සිදු නොකරන බවයි. ඒ අනුව 05 වැනිදා සිට අඛණ්ඩ විදුලි සැපයුමක් පිළිබඳව නිළධාරීන් සහතික වී තිබිණි.

කෙසේ නමුත් සෙනසුරාදා සහ ඉරිදා (05,06) විදුලිය කප්පාදු කරන ආකාරය පිළිබඳව මහජන උපයෝගීා කොමිසම ප්‍රකාශයට පත්කර තිබෙනවා.

හෙට දිනයේදී P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පෙරවරු 8.30 සිට පස්වරු 05.30 දක්වා පැය 03 ක් හා පස්වරු 06 සිට රාත්‍රී දක්වා පැයක්ද විදුලිය අත්හිටුවනු ඇත.

E සහ F කලාප සඳහා පෙරවරු 08.30 සිට පස්වරු 04.30 දක්වා පැය 04 ක් සහ පස්වරු 04.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය 03 ක් විදුලිය අත්හිටුවනු ඇත.

අනිද්දා දිනයේදී A,B,C යන කාණ්ඩ සඳහා පෙරවරු 09 සිට පස්වරු 04.30 දක්වා පැය දෙක හමාරක විදුලි කප්පාදුවක් සිදු වනු ඇත. ඉරිදා රාත්‍රියේදී කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...