නිළධාරීන් ජනපතිත් අන්දනවාද ? නෑ කිව්වට හෙටත් විදුලිය කැපෙයි !

පසුගියදා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී විදුලි බල මණ්ඩල නිළධාරීන් පොරොන්දු වී තිබුණේ මාර්තු 05 වැනිදා වනවිට විදුලි කප්පාදුව සිදු නොකරන බවයි. ඒ අනුව 05 වැනිදා සිට අඛණ්ඩ විදුලි සැපයුමක් පිළිබඳව නිළධාරීන් සහතික වී තිබිණි.

කෙසේ නමුත් සෙනසුරාදා සහ ඉරිදා (05,06) විදුලිය කප්පාදු කරන ආකාරය පිළිබඳව මහජන උපයෝගීා කොමිසම ප්‍රකාශයට පත්කර තිබෙනවා.

හෙට දිනයේදී P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පෙරවරු 8.30 සිට පස්වරු 05.30 දක්වා පැය 03 ක් හා පස්වරු 06 සිට රාත්‍රී දක්වා පැයක්ද විදුලිය අත්හිටුවනු ඇත.

E සහ F කලාප සඳහා පෙරවරු 08.30 සිට පස්වරු 04.30 දක්වා පැය 04 ක් සහ පස්වරු 04.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය 03 ක් විදුලිය අත්හිටුවනු ඇත.

අනිද්දා දිනයේදී A,B,C යන කාණ්ඩ සඳහා පෙරවරු 09 සිට පස්වරු 04.30 දක්වා පැය දෙක හමාරක විදුලි කප්පාදුවක් සිදු වනු ඇත. ඉරිදා රාත්‍රියේදී කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...