යුද හමුදාවට නව අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයෙක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 09 කොළඹ (LNW): අද(09) ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර මහතා යුද්ධ හමුදා ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් නව අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස යුද හමුදා මූලස්ථානයේ දී අදාළ ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.

මීට ප්‍රථම එම ධූරයේ රාජකාරි හෙබවූ මේජර් ජෙනරල් අයි.එච්.එම්.ආර්.කේ. හේරත් මහතා ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති වශයෙන් රාජකාරි සිදුකරනු ලබයි.

මේජර් ජෙනරල් කේ.ඒ.එන්. රසික කුමාර මහතා ආගමික චාරිත්‍රවලට මුල් තැනක් දෙමින් නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි භාරගත්තේය. එහිදී සම්ප්‍රදායානුකූලව නිලධාරීන් සහ සෙසුනිලයන් අමතමින් සිය ඉදිරි දැක්මද ප්‍රකාශ කළේය.

තෙල්දෙණිය ප්‍රදේශයේ උපත ලද ඔහු රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. වර්ෂ 1990 දී යුද්ධ හමුදාවට බැඳුණු එතුමන් වර්ෂ 1991 දී පාකිස්තාන යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් කෙඩෙට් නිලධාරි පාඨමාලාව සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්වන ලදී.

ඔහුගේ යුද්ධ හමුදා දිවිය තුළ ඛණ්ඩ භාර නිලධාරී පාඨමාලාව, නිලධාරී විශිෂ්ඨතා පාඨමාලාව, ඒකක බුද්ධි නිලධාරී පාඨමාලාව, ක්ෂේත්‍ර ඉංජිනේරු පාඨමාලා අදියර III, ඒකක ගිණුම් පාඨමාලාව, ඒකක පරිපාලන නිලධාරීන්ගේ පාඨමාලාව, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව, ජාතික ආරක්‍ෂක විද්‍යාල පාඨමාලාව (ජාතික ආරක්‍ෂාව හා උපාය මාර්ගික අධ්‍යයන), තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව – ඉන්දියාව, සංග්‍රාමික ඉංජිනේරු උපදේශක පාඨමාලාව – ඉන්දියාව, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව – චීනය සහ බිම්බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ ඉංජිනේරු පාඨමාලාව – චීනය වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.

රසික කුමාර මහතා සිය හමුදා දිවිය තුළදී ඛණ්ඩ භාර නිලධාරී, බුද්ධි නිලධාරි, විධායක අධිකාරී, ඉංජිනේරු බලසේනාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී III, අධි සහායක, නිලධාරී අණදෙන, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරී III, ආරක්‍ෂක සේනා මූලස්ථානය – යාපනය මාණ්ඩලික නිලධාරී II, 511 පාබල බලසේනාවේ බලසේනා මේජර්, මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ මාණ්ඩලික නිලධාරි I යන තනතුරු හොබවා ඇත.

තවද, යුද සේවා ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරි I, 5 සහ 6 ඉංජිනේරු බලකායන්හි අණදෙන නිලධාරී, ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I, ආරක්‍ෂක සේනා මූලස්ථානය – වන්නි ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියාන්විත), 22 පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් පුහුණු, යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා සහකාර, 213 පාබල බලසේනාවේ බලසේනාධිපති, මානව හිමිකම් සහ මානුෂීය නීති අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සහ විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ වැනි ධූරයන් රැසක් හොබවා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයෝජන කියන්නේ මොනවාද ?

රටක ආර්ථික වර්ධනය සඳහා ආයෝජන වල වැදගත්කම ගැන කතා...

විපක්ෂ නායක සජිත්ගෙන් කිතුල්ගල රෝහලට ලක්ෂ 33ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක්...

නන්දනගේ වටිනාකම බිංදුවයි – ඇමති ලාල්කාන්ත

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතාගේ වටිනාකම තමන්ට...

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ...