දකුණු කොරියාවේ “boshintang” ස්ටුවට තිත!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 09 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් නව නීතියකට සහය දීමෙන් අනතුරුව දකුණු කොරියාවේ සුනඛ මස් වෙළඳාම තහනම් කරමින් නීතියක් සම්මත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව දකුණු කොරියාව තුළ සුනඛයන් ඝාතනය කිරීම සහ සුනඛ මස් සඳහා විකිණීම නීතිවිරෝධී වී ඇත.

මිනිසුන් බලු මස් අනුභව කිරීමේ සියවස් ගණනාවක් පැරණි පුරුද්ද අවසන් කිරීම, 2027 වන විට බලාත්මක වීමට නියමිත මෙම නීතියේ අරමුණ වේ.

සුනඛ මස්වලින් හදන “boshintang” ලෙස හඳුන්වන ඉස්ටුවක් දකුණු කොරියානුවන් අතර ප්‍රණීත ආහාරයක් ලෙස සලකනු ලබයි.

කෙසේ වෙතත් මෙම ඉස්ටුව තරුණයින් අතර තවදුරටත් ජනප්‍රිය නොවන බව සඳහන් වේ.

පසුගිය වසරේ Gallup මත විමසුමකට අනුව, මිනිසුන්ගෙන් 8% ක් පමණක් පසුගිය මාස 12 තුළ බලු මස් අනුභව කළ බව ප්‍රකාශ කර ඇති අතර එය 2015 දී 27% ට වඩා අඩු බව සඳහන්වේ.

කෙසේ වෙතත් මෙම මත විමසුමට ලක්වූවන්ගෙන් පහෙන් එකකට වඩා අඩු ප්‍රමාණයක් කියා සිටියේ ඔවුන් මස් පරිභෝජනයට සහාය දෙන බවයි. ඒ අනුව නව නීතිය බලු මස් වෙළඳාම කෙරෙහි අවධානය යොමු වේ.

එමෙන්ම බල්ලන් මස් කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයින්ට වසර තුනක සිරදඬුවමක් හිමිවන අතර මස් සඳහා බල්ලන් ඇති කිරීම හෝ බලු මස් විකිණීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයින්ට උපරිම වශයෙන් වසර දෙකක දඩුවම් කාලයකට යටත් වන බව සඳහන් වේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ , මෙම නව නීතිය බලාත්මක වීමට පෙර විකල්ප රැකියා සහ ආදායම් මාර්ග සොයා ගැනීමට මස් වෙළඳුන්ට සහ ආපනශාලා හිමියන්ට වසර තුනක කාලයක් ලබා දී ඇති බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නන්දනගේ වටිනාකම බිංදුවයි – ඇමති ලාල්කාන්ත

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතාගේ වටිනාකම තමන්ට...

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ...

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...