මාතර රතුකුරුසයෙන් සෞඛ්‍ය වෛද්‍ය සායන හා ශ්‍රමදාන මාලාවක්!

Date:

කොළඹ LNW: ගංවතුරින් පීඩාවට පත් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් පරික්ෂා කර මූලික ප්‍රතිකාර සඳහා මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ (10) දහයක සෞඛ්‍ය වෛද්‍ය සායනය බැගින් පැවැත්වීමට මාතර රතුකුරුස සමාජය කටයුතු යොදා ඇත.

ඒ අනුව එහි ප්‍රථම සෞඛ්‍ය වෛද්‍ය සායනය පසුගියදා (07) වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වරකාපිටිය මහා විද්‍යාලයේ දී පැවැත්වුණි.

මෙහි දී ගංවතුර බලපෑමට ලක් වූ ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පරීක්ෂා කර ඔවුන්ට මූලික සායනික ප්‍රතිකාර, ඖෂධ ලබාදී වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය අය අදාළ රෝහල් වෙත යොමු කළ බව මාතර රතුකුරුස සමාජයේ සභාපති විශේෂඥ වෛද්‍ය කිත්සිරි මල්ලිකාරච්චි මහතා පවසයි.

පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සහය ඇතිව සංවිධානය කරන මෙම සෞඛ්‍ය වෛද්‍ය සායන සඳහා ජාත්‍යන්තර රතුකුරුස ෆෙඩරේශනය මුල්‍ය සහාය ලබා දුන් බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජගත් අබේසිංහ මහතා පවසයි.

ඒ අනුව මීළඟ සායනය ජනවාරි 13 දා තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේ දී පැවැත් වේ.ජනවාරි 14 දින මාතර,15 දින අතුරලිය,20 දින අකුරැස්ස,21 දින මාලිම්බඩ,26 දින දික්වැල්ල හා 27 දින දෙවිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් හි මෙම වෛද්‍ය සායන පැවැත් වේ.

මීට සමගාමීව මෙම ප්‍රදේශවල පසුගිය ගංවතුර හේතුවෙන් අවහිර වී ඇති ගඟ දෙපස සහ අතු ගංගා හා ඇලමාර්ග පිරිසුදු කොට පිළිසකර කිරීමේ ශ්‍රමදාන මාලාවක් රතුකුරුස සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන බව ද විශේෂඥ වෛද්‍ය කිත්සිරි මල්ලිකාරච්චි මහතා සඳහන් කරයි.

මේ වැඩසටහන් සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සමාජය රුපියල් ලක්ෂ පනහකට ආසන්න මුදලක් වෙන්කර ඇතැයි ජගත් අබේසිංහ මහතා පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යපන ප්‍රතිසංස්කරණ: මොඩියුලර් ගැන නවතම තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දෙවැනි සහ තෙවන පාසල් වාරවලට අදාළ මොඩියුලර්...

අමරිකාවෙන් මෙරටට ලැබෙන අපූරු ප්‍රදානය!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : අමෙරිකා එක්සත් ජනපදය...

ටෙහෙරාන් සහ අනෙකුත් ඉරාන නගරවල දැවැන්ත රාජ්‍ය විරෝධී විරෝධතා අඛණ්ඩවම

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන මුදල් ඒකකය...

හොර සහතික පෙන්වා සමෘද්ධියේ රැකියාව ගත් අයගේ විශ්‍රාම වැටුප අර්බුදයක – ඇමති වාර්තාවක් කැඳවයි!

කොළඹ LNW:ව්‍යාජ සහතික පෙන්වා සමෘද්ධියේ රැකියාව ලබාගත් අයගේ විශ්‍රාම...