ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ගැන ජපානයේ පැසසුම්!

Date:

කොළඹ LNW:ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා ඇතුළු ජපාන නියෝජිත පිරිස ජනාධිපති කාර්යාලයේදී ඊයේ (11) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබුණි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සැලකිය යුතු දියුණුවක් පෙන්නුම් කර ඇති බවත් ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් ශක්තිමත් නායකත්වය පිළිබඳ සිය බලවත් ප්‍රසාදය පළ කරන බවත් එහිදී ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා පවසා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේ ශ්‍රී ලංකාව එහි පළමු සමාලෝචනය සාර්ථකව අවසන් කර ඇති අතර ශ්‍රී ලංකාවේ මෙම අභියෝගාත්මක ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තර ප්‍රජාවේ පැසසුමට ලක්ව තිබෙන බවයි ඔහු පවසා තිබුණේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය තුළ පවතින මෙම ධනාත්මක තත්ත්වය සුභවාදී බවත් ඒ තුළ ශ්‍රී ලංකාව කෙරෙහි නිල සහ පෞද්ගලික යන දෙඅංශයයේම ණයහිමියන්ගේ ජාත්‍යන්තර විශ්වාසය වැඩි දියුණු කිරීමේ හැකියාව පවතින බවත් ජපාන මුදල් අමාත්‍යවරයා පවසා ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එජපෙටයි සමඟිටයි තවත් නම් දිනන්න බැහැ. අපි අලුත් වැඩක් හදනවා – චම්පික

කොළඹ LNW: සංවර්ධනය වෙන එමෙන්ම දුෂණය නැති රටක් වෙනුවෙන්...

උදය ගම්මන්පිලත් අත්අඩංගුවට ??

නීතීඥ අචලා සෙනවිරත්න විසින් කරන ලද පැමිණිල්ලක් අනුව හිටපු...

තැපැල් වර්ජනය:සේවක ඉල්ලීම් 19න් 17ක්ම දීලා. සේවයට වාර්තා කරන අයට ආරක්ෂාව සපයයි

කොළඹ LNW: තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ...

කළු සල්ලි ජාවාරමක් පිළිබඳව රනිල්ට එරෙහිව CIDයට පැමිණිල්ලක් ?

කොළඹ නෙළුම් කුලුනේ කැසිනෝ ශාලාවක් පවත්වාගෙන යාම සඳහා ඉන්දියානු...