ඩෙන්මාර්කයේ සිහසුනෙහි නව රජු ලෙස කිරුළු දැරූ “දසවැනි ෆ්‍රෙඩ්රික්”!

Date:

සටහන – නිපුනි ලියනගේ

ජනවාරි 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජාතිය වෙනුවෙන් ඓතිහාසික මොහොතක තම මවගෙන් පසු ඩෙන්මාර්කයේ සිහසුනට රජු ෆ්‍රෙඩ්රික් ඔටුණු පැළදීය.

කඳුළු සලමින් ෆ්‍රෙඩ්රික් රජු ක්‍රිස්ටියන්ස්බෝර්ග් මාලිගාවෙන් පිටත ඔල්වරසන් දෙමින් සිටි පිරිස අමතා, අනාගතය සඳහා “එක්සත් කරන රජෙකු” වීමට තමා බලාපොරොත්තු වන බව පැවසීය.

BBC

සිංහාසනයේ වසර 52 ක කාලය අවසන් කරමින් නිල වශයෙන් ඉල්ලා අස් වූ ඔහුගේ මවට ද ඔහු ප්‍රශංසා කළේය.

වසර 800කට පසු ස්වේච්ඡාවෙන් ඉල්ලා අස් වූ පළමු ඩෙන්මාර්ක රැජින ඇයයි.

මාලිගාවේ පැවති උත්සවයකදී “දසවැනි ෆෙඩ්රික් රජුට දීර්ඝායුෂ ලැබේවා” යන වදන තෙවරක් පවසමින් අගමැති මෙට් ෆෙඩ්රික්සන්, ෆ්‍රෙඩ්රික් ඩෙන්මාර්කය, ග්‍රීන්ලන්තය සහ ෆාරෝ දූපත් වල රජු ලෙස ප්‍රකාශයට පත් කළේය.”

සිංහාසනයේ නව උරුමක්කාරයා වන 18 හැවිරිදි ඔටුන්න හිමි ක්‍රිස්ටියන් කුමරු ඇතුළු ඔවුන්ගේ දරුවන් සිව් දෙනාද මෙම අවස්ථාවට එක් විය.

ෆ්‍රෙඩ්රික් රජු සහ ඔස්ට්‍රේලියාවේ උපත ලද ඔහුගේ බිරිඳ වන මේරි බිසව පිරිසගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ සිපගත් අවස්ථාවක් ද දක්නට ලැබිණි.

People


ඔහුගේ මව “අසාමාන්‍ය” රීජන්ට්වරයෙකු ලෙස සැමවිටම මතකයේ රැඳෙනු ඇතැයි එමෙන්ම රැස්ව සිටි පිරිස අමතා ෆ්‍රෙඩ්රික් පැවසීය.

People

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...