වසර ගණනාවක් පුරා රුසියාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් ලේඛනගත කළ OVD-Info වෙබ්අඩවිය වැසෙයි!

Date:

මානව හිමිකම් වෙනුවෙන් කටයුතු කළ ස්වාධීන මාධ්‍ය ආයතනයක් වන රුසියාවේ OVD-Info නම් වෙබ්අඩවිය වසා දමා ඇති බවට වාර්තා වේ.

මෙම වෙබ් අඩවිය වසර ගණනාවක් පුරාවට රුසියාවේ ක්‍රෙම්ලින්-විරෝධී ව්‍යාපාර අධීක්ෂණය කරමින් ලේඛනගත කරමින් සිට ඇති බවට කියවේ.

ක්‍රෙම්ලින්, හෝ මොස්කව් ක්‍රෙම්ලින්, යනු රුසියාවේ රුරිකිඩ්ස් හි පාලක රාජවංශය විසින් මොස්කව් නගරයේ පිහිටුවන ලද බලකොටු සංකීර්ණයකි. 

වර්තමානයේ ක්‍රෙම්ලින් නාමය බොහෝ විට සමාන කරන්නේ රුසියාවේ ෆෙඩරල් රජයට ය.

OVD-Info වසා දැමීම සිදුකර තිබෙන්නේ අධිකරණ නියෝගයකට අනුව බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඉකුත් දෙසැම්බර් 20 වන දින නිකුත් කළ අධිකරණ නියෝගයකට අනුව, OVD-Info වෙත පිවිසීම අවහිර කර දැමීමට රුසියානු බලධාරීන් කටයුතු කර තිබේ.

තොරතුරු, තොරතුරු තාක්ෂණය හා දත්ත සංරක්ෂණය මත පදනම් වූ නීතියකට ප්‍රකාරවයි එම වෙබ්අඩවිය මෙසේ අවහිර කර තිබෙන්නේ.

OVD-Info යනු විදේශ ඒජන්තයන්ගේ අනුග්‍රහය මත ක්‍රියාත්මක වන සංවිධානයක් බවට ඉකුත් සැප්තැම්බර් මස රුසියානු රජය විසින් ප්‍රකාශ කරන ලදී.

කෙසේවෙතත්, OVD-Info යනු දේශපාලන පලිගැනීම් ඇතුළු රුසියාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් වලට විරුද්ධව හඬ නැඟූ ස්වාධීන සංවිධානයක් වන අතර, වසර ගණනාවක් පුරා රුසියානු රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුවූයේ යැයි කියන මානව හිමිකම් උල්ලංඝනය වීම් වාර්තා කළ මාධ්‍ය ආයතනයකි.

මේ පිළිබඳව OVD-Info සංවිධානයෙන් කළ විමසීම් වලට එම සංවිධානය ප්‍රතිචාර දක්වා නොමැති බව ද සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...