විරාත් කෝලිගේ දෙපා සිපගත් ප්‍රේක්ෂකයෙකුට වූ ඇබැද්දිය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 17 කොළඹ (LNW): ලොවක් හඳුනන ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලිගේ දෙපා සිපගත් ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවට දමා ඇති පුවතක් වාර්තා වේ.

කෝලි පිළිබඳ දැඩි කැමැත්තෙන් පසු වූ ප්‍රේක්ෂකයා ආරක්ෂක විධිවිධාන උල්ලංඝනය කරමින් යකඩ වැට උඩින් ක්‍රීඩාංගණයට පැන දෙපා සිපගෙන ආදරය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව කෝලි ප්‍රේක්ෂකයා වැලඳ ගෙන ඇත.

නමුත්, හදිසියේම ක්‍රීඩාංගණයට පැමිණි ප්‍රේක්ෂකයා කෝලිගේ දෙපා මත වැටෙද්දී ආරක්ෂකයින් ඔහුව උස්සාගෙන පිටතට ඇදගෙන ගිය අතර, එවිට කෝලි එම ‘ප්‍රේක්ෂකයාට කිසිවක් කරන්න එපා’ යනුවෙන් පවසා ඇති බව සඳහන් වේ.

මෙම සිදුවීම සිදි වූයේ ඉන්දෝර්හි පැවැති ඇෆ්ගනිස්තානය සමග දෙවන විස්සයි 20 තරගයේදී වන අතර, පොලිසිය පවසා ඇත්තේ මේ පිළිබඳව ප්‍රේක්ෂකයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බවය.

ප්‍රේක්ෂකයා පවසා ඇත්තේ, කෝලිගේ දැඩි රසිකයෙක් බවත් කෝලිව සිප වැලඳ ගැනීමට ඇතිවූ ආශාවෙන් මෙය කළ බවත් වාර්තා වේ.

මෙයට හේතුව වශයෙන් සැලකෙන්නේ, කෝලි මාස 14කට පසු ඉන්දීය විස්සයි 20 කණ්ඩායමේ ස්ථානයක් හිමි කරගත් නිසා බවත් , ක්‍රීඩා ලෝලීහු දැඩි අපේක්ෂාවෙන් මෙම තරග දෙස බලා සිටින නිසා බවත් බලධරීන්ගේ මතයවී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භූ කම්පනයක් හේතුවෙන් ලොව විශාලතම පතල කඩා වැටේ; එක් අයෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චිලියේ ඇතිවූ රික්ටර්...

ජනාධිපති ට්‍රම්ප් රුසියාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කිරීමට සුදානම් බව කියයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ හිටපු ජනාධිපති...

රේගුවෙන් ඉතිහාසගත වාර්තාවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW : රේගු දෙපාර්තමේන්තුවෙන් ...

වෙඩි තැබීමක් : එක් අයෙකු මරුට ..

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW : අද (02) පස්වරුවේ,...