ධවල මන්දිරයට ප්‍රහාරයක් ?

සටහන – සශිකලා මධුෂාණි

ජනවාරි 17, ලෝකය(අවුට්බවුන් ටුඩේ) : ඊයේ(16) දිනයේදී කොලොම්බියා දිස්ත්‍රික් ගිනි හා හදිසි වෛද්‍ය සේවා ඒකකයට ධවල මන්දිරයේ ගින්නක් සම්බන්ධයෙන් එන ලද දුරකථන ඇමතුමකට අනුව වහාම ක්‍රියාත්මක වූ ගිනි නිවන භටයන් 1600ක් හා ගිලන්රථ කාර්ය මණ්ඩලය ධවල ​​මන්දිරය වෙත දිව ගිය බව වාර්තා වේ.

එම අවස්ථාවේදී ජනාධිපති ජෝ බයිඩන් එම නිවසේ නොසිටි අතර පසුව එම ඇමතුම ව්‍යාජ අංකයක් බවට පසුව සොයාගෙන තිබේ. මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.