‘කවුරු ආවත් අයි.එම්.එෆ්. හැර වෙන විකල්පයක් නැත’ බව පැවසූ මහ බැංකු අධිපතිගේ ප්‍රකාශය ගැන අද රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 16 කොළඹ (LNW): මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (17) රාත්‍රී 10ට ජාතික රූපවාහිනියේ ‘මහජන දිනය’ වැඩසටහනින් විකාශය කෙරෙන බවට තොරතුරු සඳහන් වේ.

අද (17) රාත්‍රියේ මහජන දිනයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වන්නේ, ඔහු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය වන ‘කවුරු ආවත් අයි.එම්.එෆ්. හැර වෙන විකල්පයක් නැති බව පැවසු ප්‍රකාශයට අමතරව මුදල් සම්බන්ධ සම්පූර්ණ බලය පාර්ලිමේන්තුව සතුයි සහ කවුරු ආවත් අයි.එම්.එෆ්. හැර වෙන විකල්පයක් නැද්ද යන්න සම්බන්ධයෙනි.

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා අනුව වත්මන් රජය නොව කවුරු රට පාලනය කළ ද එම එකඟතා සමඟ කටයුතු කිරීමට සිදු වන බවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඉකුත් 10 වැනිදා ප්‍රකාශයක් කළේ මේ වසරට අදාළ මූල්‍ය ප්‍රතිපත්ති පෙරදැක්ම ඉදිරිපත් කරමිනි.

කෙසේ වෙතත් මෙලෙස ඇති කරගත් එකඟතා කෙටිකාලීන ඒවා නොව වසර දහය සහ ඊටත් එහා ගිය ඒවා විය හැකි බව මෙහිදී මහ බැංකු අධිපතිවරයා කීවේය. මහ බැංකු අධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් දින තුනක විවාදයක් ලබා දෙන ලෙස ද කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (11) ඉල්ලා සිට ඇති බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroomවෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොඩියුල ප්‍රශ්නය – ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි !

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය දර්ශන සමරවීර...

කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...

වමේ දේශපාලනය අතහැරලා ඒකෙන් එළියට යනවා නම් ….

නන්දන යන්න ගිහින්.. අපි වමේ දේශපාලනය අත හැරලා ඒකෙන් එළියට...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් තව දුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : පූජ්‍ය බලංගොඩ කස්සප...