පොහොට්ටුවේ හයියෙන් ජනාධිපති වූ රනිල් කොහොමද ජන්ද ගැන තීරණ ගන්නේ?

Date:

කොළඹ LNW:ජනාධිපතිවරණය පිළිබඳව කිසිදු උපදේශයක් ජනාධිපතිවරයාගෙන් අවශ්‍ය නොවන බවත් ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය සැප්තැම්බර් සහ ඔක්තොම්බර් මාස දෙක ඇතුළත කාලයේ පැවැත්විය යුතු බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කර ඇත්තේ මැතිවරණ සිතියම හැකිලීම වන අතර ඒ සම්බන්ධයෙන් ඔහු වාර්තාවක් ද තබා ඇති බවයි අත්තනායක මහතා සඳහන් කරන්නේ.

පළාත් පාලන මැතිවරණය ජනාධිපතිවරයාගේ විධායක බලය භාවිතා ක‍ර කල් දමා ඇති අතර මැතිවරණය කල් දැමීම සිදුකළේ මුදල් නොමැති නිසා නොව පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව අන්ත පරාජයකට පත්වෙන නිසා යයි හෙතෙම කියා සිටියි.

රටේ ජනතාව ආණ්ඩුවට එරෙහිව සිය මතය ප්‍රකාශ කරන්න බලාගෙන සිටින බවත් ජනාධිපතිවරණය නිශ්චිත වශයෙන්ම පැවැත්විය යුතු කාල සීමාවේදී පැවැත්විම සඳහා අවශ්‍ය සහයෝගය ආණ්ඩුව මැතිවරණ කොමිසමට ලබාදිය යුතු බවත්ඒ ඔහු තවදුරටත් පවසයි.

කෙසේවෙතත් සමඟි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් නිසැකවම ජය ගන්නා බවයි අත්තනායක මහතා වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද උදෑසන 8.30 ට ලංකාවේ පළමු ගැටුම

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා යොවුන්...

සමකාලීන තාරුණ්‍යය ජනප්‍රියවාදී ප්‍රවේශයකින් : වාලම්පූරි සහ දියමන්ති !

තරුණ සිනමා අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්න විසින් අධ්‍යක්ෂණය කළ වාලම්පූරි...

හිතාගන්න බැරි අයට නඩු වැටෙන්න පටන් අරන් තියෙනවා. නඩු පෝලිමක් එනවා – ඇමති නාමල්

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂයේ දේශපාලනඥයින් 40 කට වැඩි ප්‍රමාණයකට...

මාලිමා ප්‍රපංචයේ හැකියාවන් සහ නොහැකියාවන් ….

රට බංකොලොත් වෙන්ට බලපාපු එකම හේතුව දේශපාලන තන්ත්‍රය විසින්...