ජාතික ජන බලවේගය ඕනෑම මැතිවරණයකට සූදානම්! අනුර කුමාර දිසානායක මහනුවර දී කියයි.

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

ජනවාරි 20,
මහනුවර (LNW): කුමන හෝ මැතිවරණයකට තමන සූදානම් නමුත් ජනාධිපතිවරණය ද මහ මැතිවරණය ද යන්න තෝරා ගත නොහැකි තත්ත්වයට පාලක පංතිය පත්වී ඇතැයි ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය පැවැත්විය යුතු වුවත් මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිත බව හේතුවෙන් ආණ්ඩුව මැතිවරණ පසුබෑමකට පත්වී ඇතැයි ද ඒ මහතා කීවේය.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (19) මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමි හා අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ දැකීමෙන් පසු මාධ්‍ය හමුවේ මෙම අදහස් පළ කළේය.

කල් දමන පළාත් පාලන මැතිවරණය මුලින් පවත්වන්නේ නම් සාධාරණ යැයි කී ඒ මහතා ජාතික ජන බලවේගයට කිසිදු මැතිවරණයක් අභියෝගයක් නොවන බව ප්‍රකාශ කළේය. සෑම අංශයකින්ම කිඳා බැස ඇති රට ගොඩ ගැනීම සඳහා නව පුනරුදයක් අවශ්‍යයැයි කී දිසානායක මහතා තව දුරටත් මෙසේ සඳහන් කළේය.

රට ගොඩ ගැනීම සඳහා මහා සංඝරත්නය ඇතුලු සියලු පාර්ශව දැනුවත් කිරීම මේ වන විට ආරම්භ කොට තිබෙනවා. මෙය හුදු දේශපාලන ව්‍යායාමක් නොවෙයි. මේ රට ගොඩ ගැනීමේ ජාතික අවශ්‍යතාවයක්.

රටේ ජනතාවට අලුත් වෙනසක අවශ්‍යතාවයක් තිබෙනවා. රට මුහුණපා අති කඩා වැටීම දෙස බලන විට පොදු ජනතාව වගේම අපටත් රට ගොඩ ගැනීමේ අයිතියක් තිබෙනවා. ඒ නිසා මෙම වර්ෂයේදී ඒ වෙනුවෙන් කළ යුතු වෙනස සිදු කළ හැකි යැයි අපට විශ්වාසයක් තිබෙනවා.

පාලකයන් රට විනාශ කරලා, ආර්ථික බිඳ වැටිලා. ඔවුන් එක අඩියක් ඉදිරියෙන් තබා රට හදනවා යැයි ප්‍රකාශ කරනවා. නමුත් සැබැවින්ම ඒ රට සැදීමක් නෙවෙයි. අපට අවශ්‍ය මේ චෞර කණ්ඩායමෙන් රට මුදාගෙන එය නව දිසාවකට යොමු කිරීමට යැයි අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත මහතා ද මෙම අවස්ථාවට එක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...