රුපියල් කෝටි 500ක් වංචා කළ පුද්ගලයකු සහ ඔහුගේ අනියම් බිරිඳ අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 27 කොළඹ (LNW): ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ ජනතාවගෙන් රුපියල් කෝටි 500ක් වංචා කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු හා ඔහුගේ අනියම් බිරිඳ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

2021 වසරේදී වෙහෙරහේන විහාරයේ බස්නායක නිලමේවරයා ලෙස කටයුතු කර ඇති එම පුද්ගලයා මුදල් වංචා කර ඇත්තේ ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ “ට්‍රෙඩ්වින් ෂෙයාර්” නම් පීරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් ඇත්තේ වැඩි පොලියක් ලබාදෙන බව පවසා බව වාර්තා වේ.

මුදල් වංචා කිරීමෙන් පසු මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ සිය අනියම් බිරිඳ සමග රැඳී සිට ඇති ඔහු ජනතාවගෙන් වංචා කළ මුදලින් ඉඩකඩම්, වාහන මිලදීගෙන අධි සුඛෝපභෝගි ජීවිතයක් ගත කර ඇති බව වාර්තා වෙයි.

එසේම අනියම් බිරිඳගේ නමින් රුපියල් ලක්ෂ 80ක් ස්ථිර තැන්පතුවක්ද පවත්වාගෙන ගොස් ඇති බව වංචා විමර්ශන ඒකකය මඟින් අනාවරණය කරගෙන ඇත. ඒ අනුව ඔහුගේ අනියම් බිරිඳ අත්අඩංගුවට ගැනුණේ වංචා කළ මුදල් ආයෝජනය කිරීමේ චෝදනාව මත බව සඳහන් වේ.

අද (27) පස්වරුවේදී එම අත්අඩංගුවට ගත් 39 හැවිරිදි පුද්ගලයා සහ ඔහුගේ අනියම් බිරිඳ නාරාහේන්පිට පිහිටි නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය වෙත රැගෙන ආ බව වැඩිදුරටත් සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනාමයේ චාමික ඩුබායි හී දී මහානාමයක් වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: ඇගෙනිස්තානය සහ ශ්‍රී ලංකාව...

පාසල් සිසුන්ට දෙසැම්බර් මාසය පුරාවට ගමනාගමන මණ්ඩලයෙන් සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : අද (16) සිට...

හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි...