මාර්ගගත සුරක්ෂිතතා පනත සජබ රජයක් තුළ ඉල්ලා අස්කර ගන්නවා – සජිත්ගෙන් පොරොන්දුවක් (VIDEO)

Date:

රජය මාර්ගගත සුරක්ෂිතභාවය සම්බන්ධ පනත අනුමත කර ගත්තේ මැතිවරණ වසරක් තුළ රාජ්‍ය කේන්ද්‍රීය මර්දන ක්‍රියා ක්‍රියාත්මක කර රටේ පොදු ජනතාවගේ දේශපාලන අයිතිය කොල්ල කා මර්දනය ක්‍රියාත්මක කිරීමට බවත් මේ පනත හරහා මේ රටේ සුවහසක් ජනතාවගේ මූලික අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ත්‍රස්තවාදීයා සහ දේශප්‍රේමියා කවුද කියා තීරණ කිරීමට දේශපාලන අධිකාරියට හැකියාව ලැබෙන බවත් දේශපාලන මත දැරීමේ අයිතිය සහමුලින්ම උල්ලංඝනය වන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මාර්ගගත සුරක්ෂිතතාව සම්බන්ධ පනත පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

සාධාරණ නියාමනයක් වෙනුවෙන් සමගි ජන බලවේගය පුනපුනාම අදහස් පළ කළ බවත් විවිධ පාර්ශ්වකරුවන්ගේ අදහස් යෝජනා ලබා ගෙන එවැනි නියාමන පද්ධතියක් සිදු කරන්නැයි කියා සිටියත් ඒ සදහා ලබා දුන්නේ සීමිත කාලයක් බවත් පාර්ශ්වකරුවන් නාමිකව සාකච්ඡාවලට කැඳවා රජයට අවශ්‍ය දේ සිදු කර ජනතාවගේ නිදහස් ස්වාධිනව තීන්දු තීරණ ගැනීම සහ පොදු ජන අයිතීන් උල්ලංඝනය කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධාන රජයක් තුළ මේ පනත අහෝසි කිරීම ප්‍රමුඛ කාර්යභාරයක් බවත් ඉන්පසු ජනතාවට යහපත් රටට යහපත් මානව අයිතීන් සුරක්ෂිත වන මානව නිදහසට ඉඩ ලබා දෙන සත්‍ය මත පදනම්ව තොරතුරු ලබා දීම ක්‍රියාත්මක කිරීම උදෙසා අවශ්‍ය යථාර්ථවාදී සත්‍යවාදී ප්‍රායෝගික ප්‍රගතිශීලී නියාමනයක් සියලු පාර්ශ්වයන්ගේ අදහස් අනුව ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරනය කළේය.

එසේම මේ අනුමත කර ගත් පනත හරහා රජයට තාවකාලික සැනසීමක් ලබා ගත හැකි බවත් එය මාස කිහිපයකට පමණක් සීමා වන බවත් සමගි ජන බලවේග රජයක් තුළ ජන පීඩක මෙම පනත ඉල්ලා අස් කර ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය