කාන්තා – පිරිමි කේවල,මිශ්‍ර යුගල දෙවන වට සහ කාන්තා – පිරිමි යුගල තරගවල ඇරඹුම අදයි.

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 07 කොළඹ (LNW): ගාල්ල දඩල්ල ගෘහස්ථ ක්‍රීඩා සංකීරණයේ ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකා ජාත්‍යන්තර බැඩිමින්ටන් අභියෝගතා සූරතාවලියේ අද පිරිමි යුගල සහ කාන්තා යුගල තරග ආරම්භ වීමට නියමිතයි.එසේම පිරිමි කේවල,කාන්තා කේවල සහ මිශ්‍ර යුගල තරගවල දෙවන වටයේ තරගත් අද ආරම්භ වෙනවා.කේවල පිරිමි තරග සඳහා අද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විරෙන් නෙත්තසිංහ,බුවනෙක ගුණතිලක,ලෝචන ද සිල්වා සහ රසින්ද හෙන්දහේවා සහභාගි වීමට නියමිතව සිටිනවා.


කාන්තා කේවල තරග අංශයෙන් තරග වැදීමට නියමිතව ඇත්තේ රනිත්මා ලියනගේ යි.එසේම මිශ්‍ර යුගල තරග සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකා යුගල අතරින් නිතරග ජය ලැබූ යුගල තුනක් ද අද දෙවන වටයට එක්වීමට නියමිතයි.


ඡායාරූපයේ දැක්වෙන්නේ අද පැවත්වෙන පිරිමි ඒකල දෙවන වටයේ තරග නියෝජනය කරන සහ පිරිමි යුගල තරගවලදී පිරිමි යුගලයක් ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදීමට නියමිත බුවනෙක ගුණතිලක සහ විරේන් නෙත්තසිංහ යි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...