අස්වැසුමෙන් නව ප්‍රතිලාභීන් ලක්ෂ හතරක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 07 කොළඹ (LNW): මෙම වසරේ සිට , අස්වැසුම වැඩසටහන සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව නව ප්‍රතිලාභීන් ලක්ෂ හතරක් ඇතුළත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම සම්බන්ධයෙන් ලැබී ඇති අභියාචනා හා විරෝධතා ලක්ෂ 11ක පමණ ප්‍රමාණයෙන් මේ වනවිට නම ලක්ෂ විසි දහසක පමණ අයදුම් පත්‍ර සලකා බැලීම සිදුකර අවසන් බවත් ඉන් දෙලක්ෂ හතළිස් තුන්දහසක ප්‍රමාණයක් අස්වැසුම ප්‍රතිලාභින් ලෙස නව ප්‍රතිලාභීන් පිරිසක් හඳුනාගෙන තිබෙන අතර, නව ප්‍රතිලාභීන් සඳහා ඉල්ලුම්පත්‍ර කැඳවීම සඳහා සැලසුම් මේ වන විට සූදානම් කර ඇති බවත් මෙහිදී අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ලබන පුද්ගලයින් ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරනු ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය .

රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව කියා සිටියේ ඊයේ (06) අනුරාධපුර , නාච්චාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේදී පැවති සංවර්ධන කමිටු රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ ශෙහාන් සේමසිංහ මහතා,

” අස්වැසුම ප්‍රතිලාභ ලබාදීමට කැබිනට් මණ්ඩලය ප්‍රමුඛ පාර්ලිමේන්තුව විසින් ප්‍රතිලාභීන් මිලියන විස්සක් සඳහා අනුමැතිය ලබාදී තිබුණ ද ඉන්පසුව ලැබුණු ඉල්ලීම් මත පවුල් ලක්ෂ විසිහතරක් දක්වා වැඩි කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බවත් එය මෙම වසරේ සිට ක්‍රියාත්මක කරනවා  .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මාර්තු මාසයේදී පමණ දෙවන සමාලෝචනය සිදුකරනු ඇති බවත් ඒ අනුව රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මගපෙන්වීම අනුව කෙටි කාලයක් තුළදී ශ්‍රී ලංකාව තුල ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට හැකි වූවා”

මේ වනවිට සියයට අටකට තිබූ රාජ්‍ය ආදායම 11.2 % දක්වා වැඩිකර ගැනීමට රජයට හැකි වූ බවත් එය 2026 වසර වන විට 15% දක්වා රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම බලාපොරොත්තුව බවද මෙහිදී බදු නොගෙවෙන සහ අඩුවෙන් බදු ගෙවන පිරිස් පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය .

ධනාත්මක ආර්ථික ක්‍රමය සෘණාත්මක ආර්ථික ක්‍රමයක් බවට පත්කර ගැනීම අවධානය යොමු කළ යුතු බවත් පවතින නායකත්වය සමඟ ආර්ථික ප්‍රතිසංස්කරණය තවදුරටත් ශක්තිමත් කරගෙන පවත්වාගෙන යෑම සිදු කළ යුතු බවද  රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළේය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...