ඉන්ධන විදුලිය ඉතිරි කර ගැනීමට මුළු රාජ්‍ය යාන්ත්‍රණයම යොදවයි

Date:

පවතින විදුලි හා ඉන්ධන අර්බුදය හමුවේ සියලු රාජ්‍ය ආයතනවල ඉන්ධන හා විදුලිය භාවිතය අවම කිරීමට තීරණය කර තිබෙනවා. මීට අදාලව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ‌.ජේ. රත්නසිරි මහතා විසින් සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

නව චක්‍රලේඛයට අනුව මැති ඇමතිවරුන්ගේ සහ රාජ්‍ය නිළධාරීන්ගේ ඉන්ධන දීමනාවට අතිරේකව ඉන්ධන ලබාදීම සම්පූර්ණයෙන් අත්හිටුවා තිබෙනවා.

පිට පළාත්වල රාජ්‍ය නිළධාරීන් කොළඹට කැඳවීම හැකිතරම් සීමා කර ඇති අතර අත්‍යවශ්‍ය අවස්ථාවලදී පමණක් කැඳවන විට අදාල දිනයේදී සියලු රැස්වීම් පවත්වන ලෙසත් අමාත්‍යංශ ලේකම්වරයා උපදෙස් දෙයි. රැස්වීම්, සාකච්ඡා හැකිතරම් අන්තර්ජාලය භාවිතා කරමින් සිදුකළ යුතුය.

සෞඛ්‍ය, ආරක්ෂක හා අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා සඳහා, තෝරාගත් ඉන්ධනහල්වල ඉන්ධන සංචිතයක් පවත්වාගෙන යන ලෙසත්, ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ හා පොලිසියේ අධීක්ෂණය යටතේ ඒවා ලබා දෙන ලෙසත් උපදෙස් දී තිබෙනවා.

මේ අතර රාජ්‍ය ආයතනවල පස්වරු 02 යි 30 සිට පස්වරු 04 යි 30 දක්වා පැය දෙකක කාලයක් වායුසමීකරණ යන්ත්‍ර අක්‍රීය කරන ලෙසත්, වායු සමීකරණ යන්ත්‍ර වෙනුවට හැකි සෑම විටම විදුලි පංකා භාවිත කරන ලෙසත් චක්‍රලේඛයට ඇතුළත්.

නියමිත කාර්යාල වේලාවෙන් පසුව කාර්යාල වසා තැබීමට පියවර ගන්නා ලෙසත් , සති අන්ත දිනවල අත්‍යවශ්‍ය හා කල්දැමීම අපහසු අවස්ථාවලදී හැර, අනෙකුත් සෑම අවස්ථාවකදීම කාර්යාල වසා තබන ලෙසත් උපදෙස් දී තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් නිවාඩුව දීර්ඝ වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27,කොළඹ LNW : කලින් සැලසුම් කළ...

උසස් පෙළ උත්තර ගුවනින්

නිශ්මං රණසිංහ නොවැම්බර් 27, කොළඹ LNW: ජිවිතයේ අති විශේෂ අධ්‍යාපනික...

සුමාත්‍රා හි භූ කම්පනයක්: ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උදෑසන 10.26ට පම...

සෙනසුරාදත් උසස් පෙළ විභාගය අවලංගුයි – විභාගය පැවැත්වෙන දින මෙන්න!

කොළඹ LNW: සෙරසුරාද දිනයේද (29) අපොස උසස් පෙළ විභාගය...