අපි මහ බැංකු අධිපතිවරයා මුණ ගැසුණේ ඇයි? හර්ෂ පැහැදිලි කරයි

Date:

සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති කණ්ඩායම නියෝජනය කරමින් කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න සහ ආචාර්ය හර්ෂ ද සිල්වා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද (09) පෙරවරුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් හමුවූ අතර, එහිදී රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය විසඳීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු සාකච්ඡා කළහ.

මෙම හමුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේ, වගකිව යුතු විපක්ෂයක් ලෙස රට පිළිබඳව ඔවුනට වගකීමක් තිබෙන නිසා ආර්ථිකය හසුරුවන මහ බැංකු අධිපතිවරයාට සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ට තම යෝජනා ඉදිරිපත් කළ බවයි.

මේ අවස්ථාවේ දේශපාලන පක්ෂ පාට බේදයකින් තොරව තම යෝජනා ක්‍රියාත්මක කරන්නේ නම් එයින් මේ අර්බුදය විසඳා ගැනීමට මග පෑදෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙම ආර්ථික අර්බුදය කෙටි කාලීන ද්‍රවශීලතා ගැටලුවක් යැයි මහ බැංකුව සිතා සිටියත් මෙය එසේ නොවන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ, පවතින තත්ත්වය අනුව රට බංකොලොත් වීමේ අවදානමක් දක්වා මෙම ආර්ථික අර්බුදය දිග් ගැස්සී තිබෙන බවත් මේ නිසා මෙරට ණයවල තිරසාරත්වය විශ්ලේෂණය කර ඒවා ප්‍රතිව්‍යුහගත කිරීමට අවධානය යොමුකළ යුතු බවත් ඔවුන් අවධාරණය කළ බව ය.

කෙසේවෙතත්, මූල්‍ය අරමුදලේ සහාය ලැබීමට මහ බැංකුව උනන්දුවක් දක්වන බවක් මෙහිදී නොපෙනුන බවත්, හදිසි ණය තිරසාරත්ව විශ්ලේෂණයක් සහ සැලසුමක් සිදුකර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත්කම තමා ඇතුළු පිරිස දැඩිව අවධාරණය කළ බවත් මන්ත්‍රීවරයා සිය නිවේදනය හරහා පෙන්වා දෙයි.

එසේම,⁣ මෙරට ආහාර උද්ධමනය සියයට 40% ක් දක්වා වැඩිවී තිබෙන බවත් එය ජනතාවට දරාගැනීමට නොහැකි නිසා එය වහාම පහළ දැමීමට පියවර ගත යුතු බවත් තමා මහබැංකු අධිපතිවරයාට සඳහන් කළ බව ද හෙතෙම පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...