විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හොඳයි. මම ඒක භුක්ති විඳලා ඉවරයිනෙ – මහින්ද

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන උගුලක් වීමටත් හැකි බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ප්‍රශ්නය – කොහොමද දේශපාලන තත්වය ?

“හොඳයි හොඳයි දේශපාලන තත්වය”

ප්‍රශ්නය – විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනෙ කියලා කියනවා. ඔබතුමාගේ මතය කොහොමද ?

“අවුලක් නෑ. මම හිටපු එකනේ. මම දැන් ඒක භුක්ති විඳලා ඉවරයි. හැබැයි ඉතින් ඒක නැති කළත් හොඳයි. අද රටම කියන්නෙ ඒක නැතිකරන්න කියලානෙ”

ප්‍රශ්නය – මේක ජනාධිපතිවරණය කල්දාගන්න කරන උගුලක් කියලා විපක්ෂයෙන් කියනවා ?

“වෙන්නත් පුළුවන් ඉතින්. රනිල්ව අඳුනනවානෙ අපි. ඒක වෙන්නත් පුළුවන්”

“මොන මැතිවරණය ආවත් අපි දිනනවා. ජනාධිපතිවරණය ආවත් අපේ අපේක්ෂයා දිනනවා, මහමැතිවරණය තිබුණත් ඒත් අපේ අපේක්ෂකයො දිනනවා”

ප්‍රශ්නය – අපේක්ෂකයා තවම නම් කළේ නැති එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා විපක්ෂයට ..

“ඒක අපි වෙලාවට නම් කරන්නම්කො. ඉන්නකො”

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (15) දිනයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...