නිල්වලා ලවණ බාධක ගැටළුවට විසඳුම්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 17 කොළඹ (LNW): පසුගිය කාලයේ දී සුළු වර්ෂාවක දී පවා නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් මාතර දිස්ත්‍රික්කයේ ජන ජිවිතයට බාධා මතුවන ආකාරය දැකගත හැකිවූ අතර, ඒ අනුව නිල්වලා ගඟේ ජල ගැලීම් පාලනය සඳහා ගඟේ යොදා ඇති බාධක ඉවත් කිරීමේ කටයුතු ආරම්භ විය.

දිස්ත්‍රික්කයේ ගොවි සංවිධානවල නියෝජිතයන් ද මෙම ගැටලුවට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතවුණු අතර, ඒ අනුව ගගේ බණ්ඩත්තර ප්‍රදේශයේ යොදා තිබු ජල බාධකය ඉවත් කිරීමට පියවර ගත් බව සඳහන් වේ.

ජලසම්පාදන මණ්ඩලය 2016 වසරේ දී මෙම වැටිය යොදා ඇත්තේ නියං කාලයේ දී මුහුදු ජලය ගඟට එක්වීමෙන් ජල සම්පාදන කටයුතුවලට ඇති වන බාධක ඉවත් කිරීම සඳහා වන අතර, වැලි කියුබ් 15000ක් මෙම වැටිය සඳහා යොදාගෙන තිබෙන බව වාර්තා වේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ, ලවණ බාධකය හේතුවෙන් වී වගාවට පමණක් නොව අනෙකුත් වගාවන්ට ද දැඩි බලපෑම් එල්ල වු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල රුසියාවට එරෙහිව භාවිතා නොකළ යුතු බවට පෙන්ටගනය නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ ඉලක්ක වෙත...

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්. වසර දෙකක ඉලක්කයක්!

කොළඹ LNW:සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යය සාධක බලකායක්...

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: අද (24) අමාත්‍යවරයා සමග...

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...