අභාවප්‍රාප්ත ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අවසන් කටයුතු අනිද්දා (20)

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 18 කොළඹ (LNW): ඊයේ (17) දින අභාවප්‍රප්ත වූ හිටපු අමාත්‍යවරයෙකු වූ අභාවප්‍රාප්ත ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා (20) සිදුකිරීමට නියමිත බව සඳහන් වේ.

ඒ මහතා කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු අතර , එම විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය ද දැරූ දක්ෂ ක්‍රීඩකයෙකු ද වේ.

1941 වසරේදී ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා උපත ලබා ඇත.

ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවු ප්‍රධාන පෙළේ දේශපාලන නායකයෙකු වන අතර එම පක්ෂයේ සභාපති ධුරය ද හොබවනු ලැබීය.

2001 වසරේ සිට 2003 වසර දක්වා වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යවරයා ලෙස ද 2015 වසරේ දී ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍යවරයා ලෙසත්  බුද්ධශාසන අමාත්‍යවරයා ලෙසත් කටයුතු කරමින් මහජන සුබසිද්ධිය වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටුකළ දේශපාලඥයෙකු වේ.

ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පන්නල මහජන ක්‍රීඩාංගනයේ දී ලබන අගහරුවාදා පස්වරු 2කට සිදුකිරීමට කටයුතු යොදා ඇති බව දන්වා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : මෙරට විශ්වවිද්‍යාල සහ...

අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ඉකුත් දා ඇති...

පහළ මල්වතු ඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : පහළ මල්වතු ඔය...

තැපැල් දෙපාර්මේන්තුව සහ සෞදි තෑපෑල අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : තැපැල් දෙපාර්මේන්තුව සහ...