අශෝක ජයතුංග
පෙබරවාරි, 19 වොෂින්ටන් LNW :
🎀රනිල් ඔසී වැදලා ඩො මිලි 500 ක තලගොයෙකුත් කරගහ ගනී….?
🎀අනුරපුරේදී රනිල් ලෙනින් ට අන්දවන්ද හැදීම….!
🎀සිසුන් මෙන්ම ගොවීන් දමනයටත් එකම ගේම.
🎀රනිල් ගෙන් කොමියුනිස්ට් බණක්….!
🎀ජවිපෙ මෙතෙක් කල රැවටිල්ල ගැන රට දැනුවත් කරන වැඩ පිළිවෙලක්.
🎀ඇමෙරිකන් මහින්ද ගෙන් ටුවරිසම් වැඩක්.
🎀ඇමෙරිකාවෙන් ලංකාවට ප්‍රබල දූත පිරිසක්….?
🎀මෛත්‍රී ට ඇමෙරිකාවෙන් දුන් පණිවිඩය….!
අනුරපුර උතුරට පානීය ජලය දෙනවාට පලාතේ ගොවීන් විරුද්ධව වීදි බැස “රනිල ආවොත් බලාගෙනයි”තර්ජණ දැමූහ.කැළණි සිසුන් ද කපටි නරියාට තර්ජණ දමා නෝන්ඩි වූ හැටි අහිංසක ගොවීන්ට මතක තිබී නැත.
“මහකන්දරා වැවේ වතුර බොන්න දුන්නම ගොවිතැනට කෝ.මොරගහකන්දෙන් වතුර දීපල්ලා. නැතිනම් විවෘත කරන්න දෙන්නෙ නෑ” ඔවුහු කෑගැසූවද කපටි නරියාට කොයි කැලයත් එකය කියා එහි ගොස් විවෘත කොට ගොවීන්ට සෞම්‍ය ටෝක් ද දුන්නේය.
“ජලසම්පාදනෙයි වාරි අයයි ගොවීනුයි එකට හමුවෙනකම් ප්රශ්නය විසදන්න බෑ. තුන් කට්ටුව කතාකරල ගිවිසුමක් හදල දෙන්න. මම නීතිපතිට කියල නිළ ගිවිසුමක් කරන්නම්” එදා සිසුන් හා මෙදා ගොවීන් සෞම්‍යව මර්දනය කල එම නරි “හූ” වට ගියේ විනාඩි කිහිපයකි.
“ලෙනින් විප්ලවයට කලින් කරුණු 03 ක් කිව්වා” රනිල් ජල ව්‍යාපෘතියේ දී කීවේය.
ඇමති ෂෙහාන් ඒ ගැන වැඩිදුරටත් ඇසුවේ අනුරපුර ජනපති මැදුරේ දිවා භෝජනයේදීය.
“විප්ලවයෙන් පස්සෙ රටට සාමය ගොවීන්ට ඉඩම් ජනතාවට පාන් ඒ කියන්නෙ කෑම ගැන ලෙනින් කතා කලා” කපටි නරියා කොමියුනිස්ට් බණක් දෙසුවේය.
“2022 අරගලේටත් ඒක ගැලපෙනවා. ඒ කාලෙ සාමය ඉඩම් කෑම විතරක් නෙවෙයි ඉන්දන ගෑස් බෙහෙතුත් නෑනේ. ඔබතුමා ඒ ඔක්කොම දුන්නනේ” දුමින්ද දිසා කීවේ සිනා මැදය.
“දෑකැති මිටි කරේ තියාගත්ත අයට වඩා ඔබතුමා ලෙනින් අනුගමනය කරනවනේ” ෂෙහාන් බටර් පාරක් දානවිට කපටි නරියා හිටියේ සද්දෙ වහලාය.
ඔස්ට්‍රෙලියා ගිය රනිල් රාජ්‍ය නායකයන් හා ප්‍රබලම ඇමතිවරු හමුවූහ. ඉන්දීය විදේශ ඇමති හමුවේදී අනුරගේ ගමන ගැන කතාවූ දේ එළි නොවූයේ අනුර ගේ දේශපාලනයට රනිල් තුළ ඇති භක්තිය ද රාජ්‍ය තාන්ත්‍රික රහස් රකින නිසාදැයි දන්නේ නැත.
77දී එකට පාර්ලිමේන්තු ආ ජයවික්‍රම පෙරේරා බැලීමට රනිල් ගියේය. ඔහුගේ පුතා සජබෙන් පන්නා දමා සිටි නිසා විශාල පිරිසක් රැස්ව සිටියහ.
ඉන්දියානු අගමැති මෝදි ජනපති රනිල් හා මුරිසි අගමැති ප්‍රධානත්වයෙන් ලංකාව හා මුරිසියේ ඩිජිටල් ගෙවීම් සිදුකරන සූම් සංවාදයක් තිබිණ. ඉන්දියානු අයට QR ඔස්සේ ගෙවීමට වෙළෙද සල් හා සෙසු තැන් 65,000 ක් ඇති කිරීමට කටයුතු යොදා තිබේ.
වෙනදා ඉන්දියාව ඇලජික් වී ප්‍රහාර දෙන ජවිපෙ හා මාළිමාව දැන් නිහඬය. එය එක අතනට ඔවුන් ළිං කටෙන් ගොඩවී ජාත්‍යන්තර අතපත ගෑමකි.
“ලංකාවෙ දේවල් ටෙන්ඩර් නැතුව දෙන්න එපා කියලයි ජවිපෙ කියන්නෙ. ලංකාවෙදි ෂර්ට් එක උඩින්දාල අත් නවපු අනුර ඉන්දියාවට පුfල් සූට් ගහල ගියේ ජාත්යන්තරයෙදි එහෙම නැතුව බැරි නිසයි.ඉතිං ඒ ක්‍රමේට වැඩේ කරන්න රනිල් ඉන්න නිසා බින්දුවේ ඉදං යන්න අනුර මොකටද” එජාපයේ යටිනුවර මහේෂ් සේනානායක සිරිකොතේ දී කීවේ සිනාමැදය.
රනිල් පිටරට දානෙ හා මළ ගෙවල් වලට යන බවට ද අනුර ලොකු සද්ද දාන්නේය.මෙවර ඕස්ට්‍රෙලියාවෙන් එනවිට කපටි නරියා ඩො මිලි 500 ක දැවැන්ත ආයෝජණ තලගොයෙක් එනම් යුනයිටඩ් පෙට්‍රෝලියම් එක කරගසාගෙන ආවේය. ලංකාවේ ඉන්දන මෙහෙයුම් සිදුකරන එම ගිවිසුම සති 02කදී අත්සන් කරන්නට සියල්ල සූදානම් ය. එය රනිල් යුගයේ ආ දැවැන්තම ආයෝජනයකි. දිනේෂ් වීරක්කොඩි ට ඒ තුළ තවත් වැඩ අධික වනු ඇත.
ඊශ්‍රායල් ප්‍රවාහන ඇමති හා රනිල් ගේ හමුවේදී පුවාහන නව විධික්රම ලංකාවට ලබාදීමේ එකගතාවක් ඇතිවිය.
එජාප කළමනාකරන කමිටුවේදී වජිර නවීන් රවි හරීන් අකිල ආදීන්ට වැඩ පැවරිණ.පක්ෂයක් ලෙස එජාපය තවම ජනපතිවරණයට කැපනොවීම ගැන පිරිස අතර හිතේ අමාරුවක් තිබෙන තරම්ය.එය ඉක්මනින් විසඳා නොගතහොත් තම අනාගතය ගැන ද ඔවුන් අතර කසුකුසු ඇතිවී තිබේ. ජනපති කඩිනම් විසඳුම් දේවිය යන්න ඔවුන්ගේ අදහස ය.
“සජබ විතරක් නෙවෙයි හැම පක්ෂයකින්ම කට්ටිය එකතු කරන්න” රනිල් කීවේය.
“ජවිපෙ එදා ඉදල රට රැවටීම, ආර්ථිකය වැනසීම, ජවිපෙ බිහිවූදා සිට ඒ ඒ පාළන වලට එයාල එකතුවූ හැටි ගැන රට දැනුවත් කරමු” වජිර ගේ යෝජනාවට ද එකගත්වය පළවිය.
US ඒඩ් සමන්තා පවර් රනිල් ට මුණ ගැසුණේ සූම් හමුවකදීය.
“ලංකාවේ ආර්ථිකයට ඇමෙරිකාව උදව් කරනවා. ඔන් ලයින් පනත ගැන ලිහිල්ව ක්‍රියා කරන්න” ඇය ඉල්ලීය. ජනපති ඊට සමබර පැහැදිලි කිරීමක් හා අදාළ සංශෝධන ගැන ද ඇය දැනුවත් කළේය.
ඇමෙරිකන් මහින්ද හා තානාපති අංශ එරට එක්ස්ෆීඩියා හා කටාර් ගුවන් සමාගම් සමග එක්ව ලංකාවට වැඩිපුර ඇමෙරිකානු සංචාරකයන් ගෙන ඒමේ වැඩක් ජනවාරි 29 දා ඇරඹීය. ගිය වසරේ එවැනි මෙහෙයුමකින් 46,344ක් ලංකාවට යවා තිබේ. එය මේ වසරේ තවත් 1 / 3 කින් වර්දනය කිරීම තානාපකිවරයාගේ ඉලක්කය වේ.
“ඇමෙරිකන් අය දිනකට ඩොලර් 200 ට වඩා වියදම් කරන නිසා එයාල යාම ලංකාවට වාසියක්” ඇමෙරිකන් මහින්දගේ විග්‍රහය එය වේ.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්ගේ දෙවැනියා වන රිචඩ් වර්මා ගේ ප්‍රධානත්වයෙන් ඉහළම ඇමෙරිකානු දූත පිරිසක් ලබන සතියේ ලංකාවේය. ඊට ධවල මන්දිර, රාජ්‍ය දෙපාර්තමේන්තු, ආරක්ෂක අමාත්‍යාංශ වල ඉහළ නියෝජිතයන් ද ඇතුලත්වීමෙන් දැන් දෙරට අතර විදේශ සබදතා ඉහළම තලයට පැමිණ ඇති බව සනාථ කරයි.
ජනපතිවරණය කල්දැමීම ගැන ජනපති පාර්ශවයෙන් සූක්ෂම වැඩ පිළිවෙලක් දියත්ව ඇති බවට රට තුළ මතවාද පවතී. මන්ත්‍රීවරු ඒ ගැන ඇසූවිට කපටි නරියා දුන්නේ අපූරු පිළිතුරකි.
“ජනපතිවරණෙ කල්දාන්නෙ මොකටද. විපක්ෂෙ කට්ටි දෙකක් ඡන්දෙට බයවෙලා. එක පිරිසක් ටිකක් ඉහළින් නිසා මාවත් පටලාගෙන බොරුමීඩියා ගේම් ගහනවා. ඒව පැත්තක දාල රට හදන හැටි කතා කරන්න” රනිල් කීවිට පිරිස මුහුණට මුහුණ බලා ගත්හ.
කපටි නරියාගේ ජනපති වූ මෛත්‍රී හිටං ඉන්දියාව වැදගෙන ඇමෙරිකාවේ වොෂින්ටන් වන්දනාවේ ද ආවේය.ඒ සචින් වාස් සමගය. රාජ්‍ය දෙපාර්තමේන්තුව හා සාකච්ඡාවක් පැවැති වෙලේ ප්රජාතන්ත්රවාදය මානව හිමිකම් වෙනුවෙන් ශ්‍රීලනිප පෙනී සිටිනවාදැයි ඇමෙරිකාව අවධානයෙන් සිටින බව අගවා ඇතැයි ආරංචිය.
