සටහන – රෂිකා හෙන්නායක
පෙබරවාරි, 20 කොළඹ (LNW):
@ ජනාධිපති රනිල් සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂවරයා අතර හමුවක්
@ සජිත්ගේ ස්මාර්ට් පන්ති කාමර වැඩසටහන නොනැවතී ඉදිරියට. 101 අදියර අනුර මහා විද්‍යාලයට.
@ වේල් තුන කාපු මිනිස්සු දෙකට වැටෙද්දී මහ බැංකු සේවකයින් පඩි වැඩිකරගැනීම පිළිකුල් සහගතයි ග්ලෝබල් ශ්‍රී ලංකන් කොංග්‍රස් හි නායක මංජු නිශ්ශංක පවසයි.
@ NPP ආර්ථික කවුන්සිලය සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් අතර හමුවක්
@ ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික සමුළුවේදී චන්න ජයසුමනට සම්මානයක්
@ ෆොන්සේකා තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් අධිකරණයෙන් වාරණ නියෝගයක්
@ අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි තරම් කෙහෙළියට බරපතලද?
@ වික්‍රමසිංහ කැමති වුණත් අකමැති වුණත් අපිට ජන්දේ ඕනේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
@ පොදු පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න ඕනතරම් දක්ෂ තරුණයො ඉන්නවා – ඩී වීරසිංහ
@ එළියෙදි පුහු වීරයො වෙලා උසාවියෙ සරණ පතන්න එපා, මරික්කාර්ගෙන් ෆොන්සේකාට වාග් ප්‍රහාරයක්!
@ මහබැංකුවේ ඉන්නේ අතිවිශේෂ මිනිස්සු. ඔවුන්ගේ පඩි වැඩිකර ගන්නේ ඔවුන්මයි – මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය කියයි.
@ අපි හදනවා, එතුමා කඩනවා. උදව් කළ අයට පෙරළා දෂ්ට කරනවා – ෆොන්සේකාට ඉඳුනිල්ගෙන් තදබල ප්‍රහාරයක්
@ අත්‍යාවශ්‍ය ශල්‍ය උපකරණ 3800ක හිඟයක්. සති කිහිපයකින් සෞඛ්‍ය පද්ධතිය බරපතළ අර්බුදයකට – වෙද්‍ය චමල් කියන ආන්දෝලනත්මක කථාව.
@ ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයෙන් ලක්ෂ 28ක් පීඩාවට පත්වෙලා. ඉන් ලක්ෂ 24 ක්ම කාන්තාවන් !
@ මාවුස්සා කැලේ ජලාශයට ඉහළින් වන වගා රක්ෂිතයේ ගින්නක්!
@ දරුවන්ද රැගෙන මත් කුඩු විකුණූ අරුම පුදුම දෙමව්පියෝ.
@ වෙලාව ආවම අපි කාටත් යන්න වෙනවා” කියමනට නිදසුනක් වූ සුහානි.
@ ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකළොත් සිද්ධ වෙන දේ ඊශ්‍රායලය කියයි.
@ ගාල්ල දඩල්ල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති ලීනින්ග් ශ්‍රී ලංකා ජාත්‍යන්තර බැඩිමින්ටන් සූරතාවලියේ සූරතා තුනකම තායිලන්තයට.