සුඛෝපභෝගී මගී නෞකා 50ක් මෙරටට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 20 කොළඹ (LNW): ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සරීෆෝ ඩීන් පැවසූ බව සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත පසුගියදා සඳහන් කළ ආකාරයට චීන සංචාරකයන් රැගත් සුඛෝපභෝගී මගී නෞකා 50ක් පෙබරවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව මෙම නෞකා අතරින් බොහෝමයක් කොළඹ වරාය වෙත පැමිණෙනු ඇති බවත්, තවත් නෞකා කිහිපයක් හම්බන්තොට සහ ත්‍රිකුණාමල වරායන්හි නැංගුරම් දමනු ඇති බවත් පැවසේ.

මෙහිදී පැමිණෙන මෙම එක් සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක් තුළ මගීන් 1000ක් පමණ සිටින බවත්, එක් නෞකාවක් මෙරට වරායන්හි දින දෙකක කාලයක් නැංගුරම් ලා තැබීමට බලාපොරොත්තු වන බවත් සඳහන් වේ.

ඒ අනුව මෙම සුඛෝපභෝගී මගී නෞකා මෙහෙයුම් හරහා මෙරට සංචාරක කර්මාන්තය තවදුරටත් වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තුව වේ.

2024 වසරේ පෙබරවාරි 16 වැනිදා වනවිට මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 350,000ක් ඉක්මවා තිබේ.

එම ප්‍රමාණය ඉදිරියේදී එය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂාව වී ඇත.එසේම ජනවාරි මාසයේදී සංචාරකයන් 208,253ක් මෙරටට පැමිණ ඇති අතර, 2023 වසරේදී මෙරට වෙත සංචාරකයන් ලක්ෂ 15කට ආසන්න සංඛ්‍යාවක් මෙරට වෙත පැමිණ ඇත.

මේ වසරේදී එය ලක්ෂ 25ක් දක්වා වර්ධනය කරගැනීම අපේක්ෂාව වී ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව බබලවන ඉන්දියානු සංක්‍රමණික බිලියනපතියන්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ෆොබියස් සඟරාවකට අනුව...

චාමික කොළ කණ්ඩායමෙන් කොළ එළිය විහිඳුවයි.

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී...

රේණුකා ඒකනායක ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල රේණුකා ඒකනායක මහත්මිය ජාතික පොලිස් කොමිසමේ...